Thu. Sep 19th, 2024

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛයක් මැතිවරණ කොමිසම විසින් නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.

සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බව එහි සඳහන්.

ජනාධිපතිවරණයේදී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

තවද ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *