Mon. Jun 9th, 2025

2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එහි දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව ඉදිරියේදී දැනුම් දෙන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

By Aloka