Thu. Nov 21st, 2024

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

කිසිදු ප්‍රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් එම වැඩසටහනේ කිසිදු ආකාරයක විතැන් වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යන බව ඔහු පවසනවා.

තුන්වෙනි සමාලෝචනය තුළ ලැබෙන 4 වෙනි වාරිකය යම් ආකාරයකින් ප්‍රමාද වුවහොත් එය ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය විශාල බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *