Thu. Sep 19th, 2024

ශ්‍රී ලාංකීකයින් 24 දෙනෙකු කුවේට් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ එතර අපි සංවිධානය විසින් සංවිධාන කළ උත්සවයකට සහභාගී වූ පිරිසක්.

එහි සංවිධාකයින් සහ සංගීතවේදීන් ඒ පිරිස අතර සිටින බව එහි සඳහන්.

අදාළ සංගීත ප්‍රසංගයේ දැන්වීමක් ද මනූෂ නානයක්කාර මහතා සිය X ගිණුමට එක් තිබුණා.

එහි උපේඛා නිර්මාණි, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාපා ලියනගේ සහ ජොලි සීයා ඇතුළු ශ්‍රී ලාංකික සංගීතවේදීන් පිරිසක් අදාළ අවස්ථාවට එක්වන බවයි, දැක්වෙන්නේ.

කුවේට්හි තානාපති කාර්යාලය අමතා ඇති බවත් ඉතා කඩිනමින් ඔවුන්ව නිදහස් කරගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ X පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

මෙම පිරිස පසුගිය දෙවැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන්.

මේ වනවිට ඔවුන් නිදහස් කර ඇති බවටයි, විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් එදින අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 26ක් වනවා.

ඉන් 24 දෙනෙකු මේ වනවිට නිදහස් කර ඇති අතර අදාළ ප්‍රසංගය සංවිධාන කළ සංවිධායකයන් දෙදෙනා තවදුරටත් අත්අඩංගුවේ පසුවන බව ද සඳහන්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *