Thu. Sep 19th, 2024

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (11) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අතුරුගිරිය පෝරේ පිහිටි ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

එහි දී ඔහුගේ ඡන්ද සලකුණ ද ප්‍රකාශයට පත් කෙරුණු බව සඳහන්.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා මෝටර් රථ සලකුණ යටතේ මැතිවරණය සඳහා තරග කරනු ඇති.

මේ අතර අදාළ මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශවය නියෝජනය කරමින් කිසිවෙකු සහභාගි වී සිටියේ නැහැ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ විජයදාස රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමෙන් ඉවත්ව ඇති බවටයි, පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන් ම ජනාධිපතිවරණයේ දී තම සහාය ලබා දෙන පුද්ගලයා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඔවුන් පැවැත්වීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *