Thu. Sep 19th, 2024

මැතිවරණයේ දී තමන් නියෝජන කඳවුර ජයග්‍රහණය කරා රැගෙන යන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්, ඔහු මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජනෙ පෙරමුණේ බලය අත්පත් කරගන්නා බවයි, එස්.එම් චන්ද්‍රසේන මහතා අවධාරණය කර සිටියේ.

මේ වනවිටත් එම පක්ෂය නියෝජනය කරන බහුතර මන්ත්‍රී පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරනවා.

ඒ අනුව සුළුතරයක් පක්ෂයේ අයිතිය තබාගෙන සිටීම වැරදි දෙයක් බවයි, එස්.එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ.

එමෙන් ම ඉදිරියේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු, පළාත් සහ සහ පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා ද වෙනම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමටයි සැලැසුම් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ එම කණ්ඩායම තරග කරනු ඇති.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *