Sat. Apr 19th, 2025

මෙරට ජනාධිපතිවරණයට ඇත්තේ තවත් සීමිත කාලවකවානුවක්. මේ ඒ අතරතුර ඇසෙන පුවතක්.

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි අයකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව පුත්තලම රෝහල පවසනවා. මොහොමඩ් ඉල්ලෙයාස් නැමති මෙම පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

78 හැවිරිදි ඉල්ලෙයාස්, චන්ද්‍රිකා බණ්ඩාරණායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්‍රීවරයා අද (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගිය බවයි පුත්තලම රෝහල් පොලිසිය සඳහන් කළේ.

By Aloka