Fri. Oct 18th, 2024

පාසැල් සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත්, උසස් පෙළ විභාගය 12 වසරේ දීත් පැවැත්විය යුතු බවට තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී යෝජනා කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටහනක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

‘මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් පාර්ලිමේන්‍තුවෙදී ප්‍රශ්න කලා උසස් පෙල පිලිබදව එහිදි අනාවරණය වුනා උසස් පෙල අවසන්කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා ආසන්න වශයෙන් මාස 14ක් ගතවන බව.

ජාත්‍යන්තර පාසල් යනව ලමයි වයස 21 වෙද්දි උපාදිය ලබාගන්නවා නමුත් රජයේ පාසල් වලට යන ලමුන් විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙන්නෙ වයස 21දී උපාධිය ගන්න 25 හා 26 වෙනවා

ඉතින් මේ තත්වය විසදන්න නම් පෙර පැවති පරිදි අ.පො.ස. සාමාන්‍ය පෙල 10 වසරදීත් උසස් පෙල 12 වසරදිත් කරන්න ඕනේ අන්වශ්‍ය ලෙස උත්තර පත්‍ර බලන්න යන කාලය අඩුකරන්න ඕනේ.

එවිට ලමයින්ගේ ජීවිත කාලයේ වඩා වටිනා කාලයක් ඉතුරු කරන්න පුලුවන් රජය වහාම මේ වෙනස්කම් කල යුතු යැයි මා යෝජනා කරනවා

අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස්කම් වගේ හරවත් දේවල් කතා කරමු

අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස්කම් වගේ හරවත් දේවල් කතා කරමු

Posted by Swarnavahini on Thursday, 27 July 2023

Leave a Reply

Your email address will not be published. Required fields are marked *