Thu. Sep 19th, 2024

ලිට්රෝ සමාගම විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ සෑම මසකම මුල් සතියේ සිදුකරන මිල සුත්‍රයට අනුව මිල ගැලපීමේ මාධය නිවේදනයයි.

“ලෝක වෙළෙඳපලේ ගෑස් මිල ඉහල යමක් සිදු වූවත් ලිට්රෝ සමාගම දේශීය ගෑස් මිල ඉහළයාමක් සිදු නොකරන බවත්, මනා කලමනාකරණය හා ලෝක වෙළඳපොලේ එල්. පී. ගෑස් මිල ඉහළයාමට පෙර ගෑස් තොග ඇනවුම් කිරීමත් නිසා මෙම සහනය පාරිබෝගිකයන්ට ලබාදීමට හැකියාව ලැබුණු බවත් ලිට්රෝ සමාගමේ සභාපති හා ප්‍රධාන විදායක නිලධාරී මුදිත පිරිස් මහාතා අප කල විමසීමකදී වැඩිදුර විස්තර පවසා සිටියා.”

ඒ අනුව ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාල) ජුලි මාසයේ පැවති මිල ගණන් අගෝස්තු මාසය සඳහා වලංගු වන බව ලිට්රෝ සමාගමේ නිවේදනය කර සිටිනවා. 12.5Kg සිලින්ඩරයක මිල රුපියල් 3690/= ක් වන අතර 5kg සිලින්ඩරයක මිල 1482/=ක් වනවා. 2.3kg සිලින්ඩරයක මිල 694/=ක් ලෙස මෙම මාසය තුල මිලදීගැනීමට හැකියාව පවතිනවා.

ජුලි මාසයේ දී ද ලිට්රෝ සමාගම ගෘහස්ත ගෑස් මිල අඩුකිරීමක් සිදුකලා. ඒ අනුව 12.5kg ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් හා 5kg ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කිරීමක් වුනා ඒ වගේම 2.3kg ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩු කිරීමක් සිදු වුනා.

මිට වසර දෙකකට පෙර විශාල ලෙස පාඩු ලැබූ අස්ථාවර රජයේ ආයතනයක් මෙලෙස ස්ථාවර ආයතනයක් වීම හා පාරිබෝගිකයන්ට සහන සැලසීම රජයේ අනෙකුත් ආයතනයන් වලට පුර්වාදර්ශයක් සපයනවා නොඅනුමානයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *