Thu. Sep 19th, 2024

මේෂ
භුභාශුභ ඵල දෙයි. ප්‍රීති සාද, මංගල සාද වැනි දෑ යෙදෙයි. සතුරු බලපෑම් දමනය වේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම් ශුභවාදී නොවේ. භූමි ලාභ, භූමි සම්පත් ගෙන දෙයි. සිරසාබාධ රෝග මතුකරයි.

වෘෂභ
දුරදිග බලා ක්‍රියාකළ යුතු දිනකි. විනෝදජනක ගමන් හා එවැනි ක්‍රියාවලට හිත යෙදෙන අතර බලාපොරොත්තු නොවන ලෙස වැයපස ද ඉහළ යයි. ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් සුහදව විසඳේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

මිථුන
ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල් යෙදෙන, අලංකාර දේ සඳහා වැයපස ඉහළ යන දිනකි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. උගතුන්, වියතුන් ඇසුරට පත්වෙයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. හෘදයාබාධ, වාත රෝග මතුවේ.

කටක
ශුභාශුභ ඵල දෙයි. ප්‍රීති උත්සව යෙදේ. නව ව්‍යාපාර ඇරඹීමට හේතුයි. උගතුන්ගෙන් උදව් උපකාර ද ලබයි. සතුරන් දමනය වෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. මුත්‍රා රෝග ආසාදන මතුකරයි.

සිංහ
ගමන් බිමන් බහුලයි. සුපුරුදු ක්‍රියාවන්ගෙන් ඉවත්ව දහමට ලැදිව ක්‍රියාකරයි. දාන ශීලාදී ගුණදහම් වඩවන දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදෙන අමතර ලාභ ද ලබන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි.

කන්‍යා
දහමට අවතීර්ණව ක්‍රියාවේ යෙදෙන දිනකි. ආධ්‍යාත්මික ගුණවගාවන්හි යෙදේ. පරාර්ථකාමීව ක්‍රියාකරන අතර වෙහෙර විහාරාදියෙහි වැඩිපුර කාලය යොදවයි. තරමක් වැයපස ඉහළ යයි. සෙම් බහුල රෝග මතුකරයි.

තුලා
ගමන් බිමන් අධික වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දානමානාදි පුණ්‍ය කර්මවල ද යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. ඒවාට සහභාගි වීමේ අවස්ථා ද යෙදේ. ස්නායුගත රෝග, නහර වේදනා මතුකරයි.

වෘශ්චික
සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව දහමට අවතීර්ණවේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. පුද පූජා ක්‍රියාවන්හි යෙදෙන අතර සමාජ සද්ක්‍රියා දියත් කරයි. හදිසි ධන ලාභ ද දෙයි. ඌෂ්ණාධික රෝග මතුකරයි.

ධනු
ආගමික උත්සව සංවිධානයට හේතුයි. ආධ්‍යාත්මික ගුණවගාවල නිරත වෙයි. ඇසුරු කරන්නන් දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. මිල මුදල් වැය කරන දිනකි. ආමාශගත රෝග මතුකරයි.

මකර
තම ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියාකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ආගමික පුද පූජා, ශිලාදි ගුණධර්ම දියත් කරයි. සුහද සිතුවිලි මත ක්‍රියාකරයි. ඉදිමුම් රෝග, වාත රෝග මතුවේ.

කුම්භ
දානමානාදි ක්‍රියාවන්, ආධ්‍යාත්මික ගුණවගාවන් ආදි ක්‍රියාවන්හි යෙදෙන සිත් සතන් ඇතිවන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර විනෝද ගමන් බිමන් යෙදේ. සෙම් රෝග, කාස රෝග මතුකරයි.

මීන
දහමට අවතීර්ණව දවස ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. තරමක් වැයපස ඉහළ යයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *