අහුංගල්ලේ වෙඩි තැබීමට සහායදුන් ‘ආදරේ’ අත්අඩංගුවට

අහුංගල්ල ප්‍රදේශයේදී පසුගිය මැයි 08වනදා සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබල ලබාදුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අදාළ සැකකරු ඊයේ (13) දින කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේදී යි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සැකකරු සන්තකයේ තිබු හෙරොයින් මිලි ග්‍රෑම් 1,150 ක් සහ ජංගම දුරකථනයක්ද විශේෂ කාර්ය බලකා නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

අහුංගල්ල – ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වැනිදා රාත්‍රී 07.00ට පමණ නිවසකට පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මරණකරු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අහුංගල්ලේ බබා’ හෙවත් නදීශ ආබෘෘ නමැත්තාගේ පියායි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *