මිරිස් කුඩු, කහ කුඩු, අතරේ කොකේන් ගෙනා කාන්තාවක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට.

කොකෙන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ රේගුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී ඇය සතුව තිබී කොකේන් කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 851 ක් සොයාගෙන ඇත.

මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200කට අධික බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

ඉතියොපියාවේ අඩිස් අබාබා සිට ඩෝහා – කටාර් හරහා මෙම කාන්තාව මෙරටට පැමිණ ඇති බව ඇත.

ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 සඟවා රැගෙනවිත් තිබුණා.

ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන සහකාර ගණකාධිකාරීවරියක්.

එම සැකකාර කාන්තාවගේ මිතුරියක් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කළ දැනුම්දීමකට අනුව මෙලෙස මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවට හෙළිවී තිබෙනවා.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ ඒ සඳහා ඇයට අමෙරිකානු ඩොලර් 1,000ක මුදලක්, ගුවන් ප්‍රවේශ පත්‍ර සහ දින 5ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල්වල නැවතීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *