බොල්ටිමෝ පාලමෙහි ගැටුණු නැව ගැන ලංකාවෙන් පරීක්ෂණයක්.

0
63

අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු විෂ සහිත අපද්‍රව්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

එම පරීක්ෂණය මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බවත් කියා සිටියා..

“ඇත්තවශයෙන්ම මේ නැව හැප්පුණු නිසා තමයි එහි තිබූ භාණ්ඩ ගැන දැනගන්නට පුළුවන් වුණේ..”

ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි.

එම නෞකාව මාර්තු 26 වනදා බොල්ටිමෝ පාලමේ ගැටුණු අතර ඒ හේතුවෙන් වසර 47ක් පමණ පැරණි එම පාලම කඩා වැටුණු අතර එම පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයින් පිරිසක් ගඟට වැටී අතුරුදන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here