ආණ්ඩුවට ගත් “අගුලානේ කුඩු සනාගේ” කෝටි තිහකට වැඩි දේපළ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බන්ධනාගාර ගතව සිටින “අගුලානේ කුඩු සනා” නැමැත්තාට අයත් උපයා ගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට වැඩි වටිනා දේපල අධිකරණය නියෝග මත පවරා ගැනීමට කටයුතු කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් පිලිබද විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකය පවසනවා.

එලෙස පවරා ගත දේපළ අධිකරණය මගින් ලබා ගත් නියෝග මත ඒ ඒ දේපළ පිහිටි බල ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයට ලබා දීමට කටයුතු කල බව ද එම ඒකකය පවසනවා.

මෙරට ප්‍රධාන පෙලෙහි මත් ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු වන “අගුලානේ කුඩු සනා” නැමැත්තා සහ සැකකරුගේ මව (කුඩු ශ්‍රිමති) සැකකරුගේ බිරිඳ සහ සහෝදරයා (අගුලානේ පොඩි මෑන්) යන පවුලේ සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවසිටින අය බවත් සියලු දෙනාටම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා වී තිබූ බවටද අනාවරණය වී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *