Thu. Sep 19th, 2024

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනු ඇති බව Lanka Bizz වෙබ් අඩවිය පවසනවා.

ඒ අනුව ඔහු ජනාධිපතිවරණයේ දී ඡන්ද සියයට 34ක් ලබා ගනු ඇති බව සඳහන්.

එමෙන් ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 33ක් ඡන්ද ප්‍රමාණයක් හිමි වනු ඇති බවයි එම අඩවියේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කරන නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා ඡන්ද ප්‍රමාණය සියයට 18ක්.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 10ක ඡන්ද ප්‍රමාණයක් හිමි වනු ඇති බව ද අදාළ වෙබ් අඩවියෙහි සඳහන්.

අදාළ සමීක්ෂණය සඳහා ඔවුන් භාවිත කර ඇත්තේ, Ai තාක්ෂණයයි.

මෙම විශ්ලේෂන අගෝස්තු මස 10 වනදා සිදු කර ඇති අතර ඊට මානව ආදානයක් හෝ සත්‍යාපනයක් භාවිත කර නැහැ.

ඒ සඳහා වත්මන් දේශපාලන ගතිකත්වය, මහජන හැඟීම් සහ ඓතිහාසික ඡන්ද රටාවන් මත පදනම්ව, මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ උපකල්පිත භාවිත කර තිබෙනවා.

අවසාන ප්‍රතිඵලය තීරණය කිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සහ මැතිවරණයට පෙර මහජන හැඟීම් තීරණාත්මක වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මැතිවරණ දිනය ළඟා වන විට ගතිකත්වය වෙනස් විය හැකිය, මැතිවරණ ප්‍රචාරක උපාය මාර්ග, ප්‍රසිද්ධ විවාද සහ මතුවෙමින් පවතින ගැටළු වල බලපෑම මත අවසන් ප්‍රතිඵලය තීරණය වනු ඇති.

පසුගිය ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වූ අතර එහි දී ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය සියයට තුනක්.

එම මැතිවරණයේ දී සජීත් ප්‍රේමදාස මහතා සියයට 42කට ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමටයි සමත් වුණේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *