Mon. Sep 23rd, 2024

පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා ඒ යටතේ විවිධ සංවර්ධන කටයුතු සිදු කෙරෙන කමිටුවලට සම්බන්ධකර නොගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියකින් දැනුම්දී ඇත.

පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් කොටසක් පමණක් අදාළ කමිටුවලට පත්කිරීම මගින් ඉන් අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සහ මැතිවරණ නීති උල්ලංඝනය වන බැවින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ දැනුවත් කිරීම සිදුකර තිබේ.

එමෙන්ම, කමිටුවලට සාමාජිකයන් පත්කිරීමේදී දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසද, රජයේ මුදල් යොදාගෙන මහජනතාවගේ සුබ සාධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විසින් යවන ලද ලිපියේ සඳහන්කර ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කර නොමැති බැවින් තවමත් එය බලාත්මක බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *