අරවින්ද කොටස් වෙළඳපොලේ මුල්පෙළේ ගණුදෙනුවක.

පසුගිය සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබෙනවා.

එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වන ARRC CAPITAL (PVT) LIMITED විසින් අලෙවි කර තිබුණි. මෙම කොටස් ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 1.5 ඉක්මවා තිබුණා.

මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් Ambeon Capital PLC සඳහන් කරන්නේ අදාළ කොටස් ගනුදෙනුවල දී සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 11.97% ක් හෙවත් කොටස් මිලියන 120 ක් මිල දී ගැනීමට ARCASIA Investments and Trading Ltd නම් සමාගමක් විසින් කටයුතු කර ඇති බවයි.

මේ අතර කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ ARRC CAPITAL (PVT) LIMITED විසින් කළ මෙම කොටස් විකිණීමේ දී, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා විසින් ද Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීමට පියවර ගෙන ඇති බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *