Mon. Sep 16th, 2024

වාහනයක් පරීක්ෂා කිරීමට යාමේ දී ඒ තුළට ගංජ දමා තරුණයන් පිරිසක් අත්අඩංගුව‌ට ගැනීමට තැත් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාට වැඩ තහනමකට ලක් කර තිබෙනවා.

අදාළ නිලධාරියා කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ අයකු වනවා.

තරුණයන් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතා පරීක්ෂා කළ බව සඳහන්.

එම අවස්ථාවේ දී කොස්තාපල්වරයෙකු විසින් මෝටර් රථයට ගංජා දමා තරුණයන් අත්අඩංගුවට ගැනීමට ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුණා.

මේ පිළිබඳ සිදු කළ විමර්ශවලින් අනතුරුවයි මෙම වැඩ තහනම සිදුකර ඇත්තේ.

ඒ, කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ නියෝග පරිදියි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *