Fri. Sep 20th, 2024

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද (06) පැවැත්වෙනවා.

එහිදී ශ්‍රි ලංකාවේ අරුණ දර්ශන, අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගී වන අතර එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 11.05ට පමණ පැවැත්වෙනු ඇති.

දෙවන අවසන් පූර්ව තරගයේ මංතීරු අංක 4 යටතේ ඔහු තරග වදින අතර, එම තරගය සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 4, 10, 13, 21,28, 31, 33 ස්ථානවල පසුවන ක්‍රීඩකයන් සහභාගී වීමට නියමිතයි.

අරුණ දර්ශණ මේවන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයේ පසුවනවා.

ඔහු පසුගිය දා වාර්තා කළ තත්. 44.99 මීටර් 400 ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා කළ දෙවැනි හොඳම කාලයයි.

අද පැවැත්වෙන අවසන් පූර්ව වටයට ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයන් 24 දෙනාගෙන් හොඳම කාලය සටහන් කර ඇති 17 වැනියා ලෙස අරුණ දර්ශන පත්ව තිබෙනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *