අස්වැසුම සඳහා තවත් පවුල් 182,000ක් සුදුසුකම් ලබයි.

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු තවත් පවුල් එක්ලක්ෂ අසූදෙදහසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එහෙත් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පුර්ණ කළ පවුල් ලක්ෂ දෙකක් මෙතෙක් බැංකු ගිණුම් ආරම්භ කර තොරතුරු යාවත්කාලීන කර නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අප්‍රේල් 18 වනදා වන විට හිග මුදල් ඇතුලු සියලුගෙවීම් ගිණුම් ගත කරන බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තවදුරටත් පවසනවා.

දැනට පවුල් දහඅටලක්ෂ පනස්හතරදහසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නවා.

රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ඉන් දෙලක්ෂ අසූහයදහසකට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

අස්වැසුම සුබසාධන වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුලත් කර ගැනීම අපේක්ෂාවයි.

මෙවර අයවැයෙන් ඊට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 205ක බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *