අවුරුදු ගීතය විකෘති කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය.

අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිර්මාණය කෙරුණු ‘සූර්ය මංගල්‍යය’ නමැති ගීතය, සැකකරු විසින් මෙලෙස විකෘති කර පසුගියදා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගත්තා.

ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී ‘සූර්ය මංගල්‍යය’ ගීතය විකෘති කිරීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *