ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ සවින්ද්‍රි දිවයිනට.

මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ ලාංකීය යුවතිය, සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) ලංකාවට පැමිණියා.

ඇය තමා ලද ජයග්‍රහණයත් සමඟ ම මෙරට වෙසෙන තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැකගැනීම සඳහා මෙරටට පැමිණි බවයි වාර්තා වූයේ.

එලෙස පැමිණි ඇය කටුනායක ගුවන් තොටුපොළේ දී මෙලෙස අදහස් දක්වා තිබුණා.

”මට මෙම ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සඳහා මාවත සකස් කරදුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන.

මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත්, කළුපොල් මාලුව, මාළු මිරිසට මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා.

මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා.

ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා….”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *