Author: Paththare Digital


  • මේ ප්‍රදේශවලට ගංවතුර ඇති වෙන්න පුළුවන්.

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.. මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල…

  • පොලිසිය දුටු තරුණිය තාප්පෙන් පනී – කූරු ඇනී මරු දකී.

    හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබෙනවා. එහිදී තාප්පයේ තිබූ යකඩ කූරු ඇයගේ උදරයේ ඇනී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, පහළ බෝපේ,…

  • මහ වැස්සකට පසු, වැස්සද කියලවත් හොයාගන්න බැරි චින්නස්වාමි ක්‍රීඩාංගණය – විනාඩි කිහිපයයි වතුර අතුරුදන්.

    ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික ශිල්පක්‍රම දවසින් දවස අලුත් වෙනවා. ඊට නොදෙවෙනි ලෙස ක්‍රීඩා උපකරණ, මෙවලම් මෙන්ම ක්‍රීඩාංගණවලට එක්කරන තාක්ෂණයත් දවසින් දවස වෙනස් වෙනවා. මේ කියන්න යන චින්නස්වාමි ක්‍රීඩාංගණයත් ඒ වගේ එකක්. ලෝකේ වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයක නැති අලුත්ම තාක්ෂණයක් මේකට එක්කර තිබෙනවා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය අගනගරය කරගත් බැංගලෝර්හි පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබෙන්නේ 1969 වර්ෂයේදී.…

  • ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 4ක් ඉන්දියාවේදි කොටුවෙයි.

    ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ISIS ත්‍රස්තවාදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන්නේ. ගුජරාට් ATS විසින් සැකකරුවන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් ඇති බවත් TV9 ගුජරාටි වාර්තා කරනවා. ඔවුන්…

  • පෙම්වතා හමුවෙන්න ගිය 12 හැවිරිදි පාසල් සිසුවියට සිදුවූ දේ

    සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ බොහොමයක් මේ වන විට වැඩිවෙමින් පවතී. මුහුණු පොත හරහා නන්නාදුනන තරුණයන් සමග පෙම් සබදතා වල පැටලෙන පාසල් සිසුවියන් මුළු ජිවිතයම විනාශ කරගන්නා අවස්ථා බොහොමයි. එවැනි හද කම්පා කරවන සිදුවීමක් පාදුක්කෙන් අසන්නට ලැබුනා. ඒ 12 හැවිරිදි පාසල් සිසුවියක් ගැනයි. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • 2025 සිට ලන්ච් ෂීට් තහනම්.

    ලබන වසරේ (2025) සිට ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව ලබන වසරේ සිට ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය, අලෙවිය තහනම් කිරීමට අදාළ නීතිමය කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන්නේය.  මෙම නීතියට අනුව, දිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය කිරීමට ද නොහැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ…

  • මනමාලිවත් පෝරුවේ තනිකරලා මනමාලයා කරපු වැඩේ.

    ඉන්දියාව කියන්නේ ක්‍රිකට් උන්මත්තකයන්ගෙන් අඩුවක් නැති රටක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා ක්‍රිකට් වෙනුවෙන් ඉන්දියාවේ හරි හරියට අමුතු අමුතු දේවලා සිද්ධ වෙනවා. මේ කියන්නෙත් ඒ වගේ කථාවක්. ලංකාවේ අපිත් අයි.පී.එල්. තරගාවලියේ ඒ ඒ කණ්ඩායම් අනුව බෙදිලා ඉන්නවා. නුවන් තුෂාර ගහන හන්දා අපේ සමහරු මුම්බායි ඉන්දියන්ස්ට සපෝට් කරනවා. මතීෂ පතිරණයි, මහිෂ් තීක්ෂණයි චෙන්නායි…

  • සජබ මාලිමාවට දින ලබාදෙයි.

    සමගී ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා තිබෙනවා. සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි ඒ අනුව ඒ සඳහා…

  • ඉරාන තානාපතිව අනතුරට ලක්කළ කොළඹ හතේ ව්‍යාපාරිකයා.

    ඉරාන තානාපති A. Delkhosh මහතාට පහරදී ඔහු මෝටර් රථයේ බොනට්ටුව මතට වැටීමෙන් අනතුරුව මීටර් 15ක් පමණ ඉදිරියට ධාවනය කර අනතුරට ලක්කල කොළඹ හතේ ව්‍යාපාරිකයෙකු ව අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසනවා. තානාපතිවරයා කොළඹ 02 මුත්තයියා පාර ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථගාලට සිය රථය ඇතුළු කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමග ආරවුලක් හටගෙන තිබුණා. එහිදී…

  • සිංගප්පූරුවේ කොවිඩ් රැල්ලක් රෝහල් ගත වන ප්‍රමාණය ඉහළට.

    සිංගප්පූරුවේ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම දෙගුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ, මෙම රැල්ලේ ගමන් මග සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. ආසාදිතයින්‌ රෝහල ගත වීම 181 සිට 250 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. අත්‍යවශ්‍ය නොවන සැත්කම් කල් දැමීමට පියවර ගන්නා ලෙසට…