Author: Paththare Digital


  • අද මහ වැසි වැටෙන්න පුළුවන් ලු..

    දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි…

  • ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලාංකිකයෙක්.

    ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ. මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත රැගෙන ආ අතර ඊට පුද්ගලයින් 10,000ක් සම්බන්ධ කර ගැනුණි. ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් අවස්ථාව උදාවී ඇති අතර,…

  • පුංචි ඡන්ද අපේක්ෂකයන් ප්‍රාදේශීය කමිටුවලට එපා..

    පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා ඒ යටතේ විවිධ සංවර්ධන කටයුතු සිදු කෙරෙන කමිටුවලට සම්බන්ධකර නොගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියකින් දැනුම්දී ඇත. පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් කොටසක් පමණක් අදාළ කමිටුවලට පත්කිරීම මගින් ඉන් අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සහ මැතිවරණ නීති උල්ලංඝනය වන බැවින් මැතිවරණ කොමිෂන් සභාව…

  • කාන්තා නියෝජනය මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25 %ක්.

    ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ…

  • අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වෙලා.

    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම කාරක සභාවේ සභාපති…

  • ජනප්‍රිය නිළි ශෙරිල්ට ලැබුණු අසීමිත ආදරේ.

    හරි හිමින් ගමනක් යනවා වුණත් ”ෂෙරිල් ඩෙකර්” කියන නම එදත් අදත් එක ලෙසම ජනප්‍රියයි. ඒකට හේතුව ඈ රංගනයෙන් දායක වුණු මතකයේ රැඳෙන නිර්මාණ. අදටත් ඈ වඩාත් ජනප්‍රිය ඒ චරිතවල නමින්. එවන් ජනප්‍රියත්වයක් ඇති ඇයට ලැබුණු හිතාගන්නවත් බැරි තරමේ රසික ආදරයක් තමයි මේ. අපේ ජීවිතවලට වඩාත් සමීප, අපේ හදවතේ ඉඩක් ගත්තවුන්ව ඇරෙන්න වෙනත් අයෙක්ව මේ විදියට…

  • මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කළා. ඒ අනුව එම නම ඇතුළත්…

  • මන්ත්‍රී අමරකීර්ති සමග ඝා-තනය කළ පොලිස් සැරයන්ගේ නමත් ගලවයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන යන අය ඝාතනයට ලක්වී ඊයේ දිනට වසර 02 ක් සම්පුර්ණ වුණා. එම ඝාතනයට වසර 02 ක් සපිරෙන දිනයේ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියාගේ නමින් සවිකර තිබු මාර්ග පුවරුව පිරිසක් විසින් කඩා ඉවත් කර තිබෙන බව වාර්තා…

  • ශ්‍රී ලංකාවේ වීසා ගැන යූටියුබ් තරුවක් කළ හෙළිදරව්ව.

    ට්‍රෙක් ට්‍රෙන්ඩි’ නමින් සංචාරක විස්තර පළ කරන ජනප්‍රිය යූටියුබ් තරුවක් වන වන විල් ඩේවිස්, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ දත්ත කඩ කිරීමක් ගැන අනතුරු ඇඟවීමක් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ විස්තරයක් පළ කර තිබෙනවා. ඔහුට VFS Global වෙතින් අනෙකුත් අයදුම්කරුවන්ගේ විස්තර අඛණ්ඩව ලැබෙන බව හෙළිකර තිබීම විශේෂත්වයක්. තමන් නාඳුනන වෙනත් වීසා අයදුම් කළ පුද්ගලයින්ගේ…

  • රූම් ගිය තරුණයාගෙන් පොලිසිය අල්ලස් අරන්.

    තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පැමිණිලිකාර තරුණයා පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක තරුණියක සමග සිටියදී සැකකරුවන් තිදෙනා විසින් සෝදිසියකට ලක් ලක්කර මුදා හැරීමට නම් ලක්ෂ තුනක…