Author: Paththare Digital
-
ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසියි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.
-
දියණිය ගැබිනියක් කළ නිසා කුලියාපිටියේ තරුණයාව මරලා.
සිය පෙම්වතියගේ නිවෙසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය 22 වැනිදා ගිය මොහොෙත් සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාව දෑත් දෙපා බැඳ මෝටර් රථයක දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ගෙල මිරිකා මරා දැමූ බව අත්අඩංගුවට ගත් පෙම්වතියගේ මාමා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කළ හෙළි කර තිබෙනවා. තරුණයාගේ මළ සිරුර ඊයේ…
-
ලෝක කුසලානයට ත්‍රස්තවාදී තර්ජන.
ලබන මස අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට මේවන විට ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු පකිස්ථානය පදනම් කරගත් IS හිතවාදීන් විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල කර…
-
ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් තරගයත් ජය ගනී.
අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක්…
-
මවගේ සිරුරට 16 හැවිරිදි පුතා සම්බන්ධයෙන් සැකයක්.
යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය වු 38 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එම කාන්තාවගේ 16 හැවිරිදි පුත්‍රයා සම්බන්ධයෙන් සැකය එල්ල වී ඇති බව යාපනය, තෙලිප්පලෙයි පොලිසිය පවසයි. ජංගම දුරකථනය වෙත දැඩිව ඇබ්බැහි වී ඇති මෙම දරුවා මවගේ ඝාතනය සිදුකළේද යන්න සොයා පරීක්ෂණ පවත්වන පොලිසිය පැවසූවේය. සැකකරු දුරකථනයට ඇබ්බැහිවීම මත කිසියම් මානසික අසහනකාරි තත්ත්වයකට ලක්ව ඇතිද යන්න…
-
හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු අසාධ්‍ය තත්ත්වයක.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අසනීප තත්ත්වයෙන් පසු වන බවට ඔහුගේ පවුලේ හිතවතෙකු හිරුට පැවසුවා. කුමාර වෙල්ගම පසුගියමාස 3 කාලයක් පාර්ලිමේන්තුවටද නොපැමිණි අතර ඊට හේතුවද මෙම අසනීප තත්වය බවයි වාර්තා වන්නේ. එම පසුගිය මාස තුනක කාලය තුළ ඔහු විටින් විට පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා තිබෙනවා. මේ වනවිටත් ඔහු කොලඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර…
-
පවුකාර පියා දරු දෙදෙනාට කරන්නට ගිය දේ
අපරාධ ගැන නිරන්තරයෙන්ම අද වන විට අසන්නට ලැබේ. දෙමව්පියන් සිය දරුවා නොහදුනන තරමටම මේ අපරාධ රැල්ලේ වැඩිවීමක් දක්නට ලැබේ. හංවැල්ල ප්‍රදේශයෙන්ද පාපතර පියෙකුගේ සිත් පිත් නැති ක්‍රියාවක් වාර්තාවක් වන්නේ එලෙසින්ය. හද සසල කරවන මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
-
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට.
මෙරට නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ. මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව ශ්‍රී…
-
භානුක සහ ජනිත්ගෙන් ගිනිකෙළි.
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ පන්දුවාර 20 පුහුණු තරගාවලියේ ඊයේ (6 වැනිදා) පැවැති කහ සහ කොළ කණ්ඩායම් අතර තරගයේදී භානුක රාජපක්ෂ පන්දු 36කින් ලකුණු 88ක් රැස් කිරීමටත්, ජනිත් ලියනගේ පන්දු 35කින් ලකුණු 70ක් රැස් කිරීමටත් සමත් වූහ. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අතර පළමුවෙන් පන්දුවට පහර…
-
සාමාන්‍ය පෙළ ලියන්න බස් රථයෙන් ගිය දරුවන්ට ලැබුණු තෑග්ග.
මනුසත්කම් කෙමෙන් කෙමෙන් මිය යන සමාජයක තවමත් මනුදම් දන්නා හදවත් ලස්සන මිනිසුන් නැතිවාම නොවේ. එවැනි මිනිසුන් දෙදෙනෙකු ගැන පට අසන්නට ලැබෙන්නේ මොනරාගලින්. ඒ රියදුරු මහතෙකු සහ කොන්දොස්තර මහතෙකු ගැනයි. වසර 11 තම බස් රථයෙන් පාසල් පැමිණ සාපෙළ විභාගයට මුහුණ දෙන පාසල් දරුවන්ට ඔවුන් තෑගී ලබාදී තිබුනා. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
