Author: Paththare Digital


  • විජයදාස ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    විජයදාස ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මෙලෙස පැවසීය, “කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම…

  • ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

    ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

    ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට තරගය ආරම්භ වේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායමක් ලෙසින්. වත්මන් ආසියානු ශූරියන් වන ඉන්දීය කණ්ඩායමද මෙම තරගයට අපරාජිතව සුදුසුකම්…

  • ශ්‍රී ලංකාවේ කිසිදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයේදී 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත්තහොත්, ඡන්ද විමසීමේදී සිදුවන්නේ කුමක් ද?

    ශ්‍රී ලංකාවේ කිසිදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයේදී 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත්තහොත්, ඡන්ද විමසීමේදී සිදුවන්නේ කුමක් ද?

    01. ඉහළම ඡන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙක් සියලුම අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කරනු ලැබේ. 02. ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල 2 වන සහ 3 වන මනාප ක්‍රියාත්මක වේ. 3. මනාපයක් ලෙස සලකුණු කර ඇති අවසන් අපේක්ෂකයා නොමැති ඡන්ද පත්‍රිකා පසෙකින් තබා ඇත. 04. ඉතිරි ඡන්ද පත්‍රිකා සඳහා: 2 වන මනාපය අවසන් අපේක්ෂකයෙකු සඳහා නම්,…

  • අමාත්‍යාංශයේ බලපෑම් හේතුවෙන් අතළුවගේ සභාපති ධුරයෙන් ඉවතට!

    අමාත්‍යාංශයේ බලපෑම් හේතුවෙන් අතළුවගේ සභාපති ධුරයෙන් ඉවතට!

    මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනිසි බලපෑම් හේතුවෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ද මෙම තීරණය දැනුවත් කළ බව අතළුවගේ මහතා පවසයි. අතළුවගේ මහතා අමතරයෙන් තවත් පවසන්නේ, රාජ්‍ය සේවකයන්ට බලපෑම් සිදුකරනු ලබන නිලධාරියෙකු යටතේ…

  • ජනපති සිහිනයෙන් කළබල වී ඇප මුදල පන්සලේ දාල ඇවිත්

    ජනපති සිහිනයෙන් කළබල වී ඇප මුදල පන්සලේ දාල ඇවිත්

    ජනසෙත පෙරමුණේ ලේකම් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (26) ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණා. එහෙත් අදාළ ඇප මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය මුදල් උන්වහන්සේ ගෙනවිත් නොමැති බවයි වාර්තා වෙන්නේ. එම නිසා ඇප මුදල තැන්පත් කිරීමට උන්වහන්සේට නොහැකිවී තිබෙනවා. එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, අදාළ ඇප මුදල එළඹෙන සඳුදා දින…

  • මහින්දගේ දකුණු අතත් ඔහු හැර යයි.. කුමාරසිරි හෙට්ටිගේ සජිත්ට එක්වෙයි..

    මහින්දගේ දකුණු අතත් ඔහු හැර යයි.. කුමාරසිරි හෙට්ටිගේ සජිත්ට එක්වෙයි..

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගය හා එක්වී තිබේ. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහු පත්කර ඇත්තේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයටයි. හෙට්ටිගේ මහතා දශක කිහිපයක් තිස්සේම මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීපව දේශපාලන කටයුතුවල යෙදුනේය.

  • පොලිස්පති ගැන ජනපතිටවත්, මටවත් කරන්න දෙයක් නෑ.. ආයෙත් උසාවියටම යන්න..- කතානායක තීන්දුව දෙයි..

    පොලිස්පති ගැන ජනපතිටවත්, මටවත් කරන්න දෙයක් නෑ.. ආයෙත් උසාවියටම යන්න..- කතානායක තීන්දුව දෙයි..

    ව්‍යවස්ථා දායක සභාවෙන් පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම අනුමත කිරීමේදී කිසිදු වැරදි ක්‍රියාවලියක් සිදුව නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එසේ පත්කරන ලද පුද්ගලයෙකු එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියමිත ක්‍රියා පටිපාටියක් ඇතැයිද හෙතෙම කියා සිටියි. එම ක්‍රියාවලියෙන් තොරව ව්‍යවස්ථා සභාවෙන් විධායකයින් නිර්දේශ මත පත්කරන ලද පුද්ගලයෙකු ඉවත් කිරීමට කිසිදු…

  • වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්නෑ..- ජනපති දන්වයි..

    වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්නෑ..- ජනපති දන්වයි..

    ජනාධිපතිවරණ කාලසීමාව තුළ සති දෙකකට වරක් වැඩ දෙන බලන පොලිස්පතිවකු පත් කිරීමට සිදුවුවහොත් එම කරුණු මත පදනම තමන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි යයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ. ඒ අනුව තමන් මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටි බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට දැනුම් දී තිබේ. මේ අතර පොලිස්පති ධුරයේ තනතුරු පුරප්පාඩුවක් සිදුවී නොමැති බවට ජනාධිපතිවරයාට…

  • ජනාධිපතිවරණයට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි දාන්න යයි.

    මෙවර ජනාධිපතිවරණයේදී ද කාඩ් බෝඩ් වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි භාවිත කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දැනට තිබෙන ලී ඡන්ද පෙට්ටි සංඛ්‍යාව සහ ඒ ඒ කාර්යාල සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට තොරතුරු ලබා ගනිමින් සිටින බව එහි සභාපති අර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය. අවශ්‍ය ඡන්ද…

  • ජූලි 24 රෑ අහසේ සිදුවන වෙනස.

    සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 24 වනදා ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙය දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් බවත් ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ජූලි 25 වනදා පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි එම සංසිද්ධිය දුරේක්ෂයක් හෝ දුරදක්නයක්…