Author: Paththare Digital


  • පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් ද.? හිටපු ජනපති දුන් පිළිතුර.

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු තම පක්ෂයෙන් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (03) කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. එමෙන් ම වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය ඉල්ලා නොමැති බව ද ඔහු අවධාරණය…

  • මහ බැංකුව බිලියන අසූවක නෝට්ටු පුලුස්සයි.

    සංසරණය සඳහා නුසුදුසු රුපියල් බිලියන අසූවකට ආසන්න මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේදී (2023) ගිනි තබා විනාශ කර ඇත. මහ බැංකුව විසින් නියමකර ඇති යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුකූල නොවන තත්ත්වයේ තිබූ රුපියල් බිලියන 79.82ක මුදල් නෝට්ටු මෙලෙස ඉකුත් වසරේදී විනාශ කර තිබේ. මහ බැංකුව විසින් ඉකුත් වසරේදී නව ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන…

  • රාමසාන් නිසා නිදහස්වූ ලාංකිකයන්.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබෙනවා. රාමසාන් සමය හේතුවෙන් මෙම රාජකීය සමාව හිමිව ඇති බව අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා. මෙම ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු මේ වන විට සූදානම්…

  • ප්‍රධානපෙලේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයකට සීල්.

    මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ. අදාළ කර්මාන්ත ශාලාවේ කිරි ආශ්‍රිත යෝගට්, අයිස් ක්‍රීම්, දියරමය යෝගට්, බීම, වැනි නිෂ්පාදනයන් රැසක් සිදු කෙරේ. අදාල ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෙදා හැරීම සිදු කෙරෙන අතර…

  • අවාරයේ ශ්‍රී පාද සංචාරය විදේශිකයන්ට පමණයි.

    රී පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් විමෙන් පසු ශ්‍රී පාදයේ සංචාරය කිරිමට පැමිණිමට විදේශිකයන්ට පමණක් අවසර ලබාදෙන බවත්, දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවෙකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා. ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්…

  • වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල පහළට.

    වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් පහළට ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු:20කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. එමෙන්ම ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ කෙටි ආහාර (ෂෝර්ටීස්) රු:10කින් අඩු කර ඇති බවයි.

  • සැකකරුවෙක් අල්ලා ගැනීමට මහජන සහය පතයි.

    ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව. ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හා ලේඛන අස්ථාන ගතවීමක් සම්බන්ධ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ෂණයේ දී ඔහු පිළිබඳ…

  • ශ්‍රී ලංකාවේ බල ශක්තිය සැපයීමේ පුරෝගාමීත්වය ගනු ලබන ලිට්රෝ  ගෑස් සමාගමේ අනගිභවනීය කාර්යයන්.

    සුවහසක් පාරිභෝගිකයන් 75%කට අධික පිරිසකගේ මූලික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම උදෙසා එදා පටන් අද දක්වාම කටයුතු කළේ ලිට්රෝ ගෑස් සමාගමයි.වසර ගණනාවක් තිස්සේ ලිට්රෝ ගෑස් සමාගම එතෙක් මෙතෙක් කාලය තුළ සිදු කෙරූ කාර්යන් අතිමහත්.ඒ අතරින්, අවශ්‍ය ඕනෑම වෙලාවක පාරිභෝගිකයන්ට ගෑස් ලබා ගැනීමට එහෙමත් නැත්නම් නිවසටම ගෑස් සිලින්ඩරයක් ගෙන්වා ගැනීමට ලිට්රෝ  සමාගම කාර්යක්ෂම පද්ධතියක් හඳුන්වා දී තිබීම…

  • ඉගෙනීම පසෙකලා චන්ඩි වූ සිසුන්.

    හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින් හෝටලයේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුරයි. ගැටුමෙන් තුවාල ලැබූ හෝටල් සේවකයෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය…

  • මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු හිටපු උප නගරාධිපතිවරයෙක්..

    හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බව කියන කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු, රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග දිවුලපිටියේදී බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු කටුනායක සීදුව නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයෙකු බවයි.