Author: Paththare Digital


  • මැණික්හින්න රෝහලේ ගැ#ටුමකින් 7දෙනෙකුට තුවාල.

    මහනුවර මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දිගන පදිංචි පුද්ගලයන් හත් දෙනෙකි. ඊයේ (28) රාත්‍රී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති අතර…

  • වෙඩිල්ලක් වැරදී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වේ.

    චමින්ද ජයසූරියගේ ෆාදර් සිනමාපටයේ රූගතකිරීම් රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදු කෙරෙනවා. ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ අනතුරකට ලක් වූ බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබෙන අතර සිදුවී ඇත්තේ සුළු තුවාළ බවත් ඔහුගේ තත්වය බරපතල නැති බවත්…

  • මත්ද්‍රව්‍ය ජාලයක පුරුකක් වූ මෘදුකාංග ඉංජිනේරුවා.

    ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින්  රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද…

  • පාසලේ ප්‍රේමය දරුණු වේ – මුල්ලේරියාවේ 15ක් රිමාන්ඩ්.

    පෙම් සබඳතාවයක් මුල් කරගනිමින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනෙක් සහ තරුණියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුල්ලේරියාව පොලිසිය සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් හෙට දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. මුල්ලේරියාව ප්‍රදේශයේ පාසැලක නවය ශ්‍රෙණියේ සිසුවියක් සමඟ 10 වන ශ්‍රෙණියේ සිසුවෙක් කලක සිට ප්‍රේම සබඳතාවක්…

  • දකුණු ආසියාවේ මිල අධිකම හෝටල් ගාස්තුව ලංකාවේ.

    පැවති ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටුණු සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දී නොමැති බව සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ බැංකු ණය වාරික ඉහළ යාම මෙන්ම ජල හා විදුලි ගාස්තු ඉහළ යාම වැනි සාධක මීට බලපා ඇති බවයි. මෙම වාරය උදාවීමත් සමග මෙතරම් සාර්ථක වාරයක් බලාපොරොත්තු නොවුන බවත් මෙම තත්ත්වයට මුහුණ…

  • සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට සුබම සුබ පණිවිඩයක්.

    දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් වුවද, එම අරමුදල නිසියාකාරව ආයෝජනය කර ලැබූ ලාභාංශ හේතුවෙන් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 13% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.යටියන්තොට- කන්දල්ඔය ප්‍රදේශයේදී අද පැවති වැඩසටහනකින් අනතුරුව මෙම අදහස් ප්‍රකාශ කළා.…

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැඩියෙන් ම ණය වී ඇති රටවල් අතරට ශ්‍රී ලංකාවත්.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය මුදලක් ලබාගෙන ඇති පළමු රටවල් 20 අතර ශ්‍රී ලංකාවට 19 වන ස්ථානය හිමිව ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඒ, World of Statistics විසින් නිකුත් කර ඇති වාර්තාවකින්. එහි දී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.14ක්. මෙම රටවල් අතර ප්‍රථම ස්ථානයේ පසුවන්නේ අර්ජන්ටිනාවයි. එහි දී ඔවුන් අමෙරිකානු…

  • ඉතිහාසගත වාර්තාවක් එක්ක ලෝක රූ රැජින වෙන්න හීන දකින 60 හැවිරිදි රූමතිය.

    වයස කියන්නෙ ඉලක්කමක් ම විතරයි කියලා කියන්න උදාහරණ ඕනෑ තරම්. ගොඩක් අය හිතනවා තමන්ගෙ වයසත් එක්ක දේවල් කරන්න අමාරුයි කියලා. තමන්ව විහිළුවකට, අවතක්සේරුවට ලක්වෙයි කියලා. අන්න එහෙම හිතන අය අතරෙ වයස අවුරුදු 60ක් වුණත් ලෝක රූ රැජින වේදිකාවට පවා ගොඩවෙන්න දෙපාරක් නොහිතන අයත් ඉන්නවා. එතන තියෙන්නෙ තනිකරම ආත්ම විශ්වාසය. මේ කතාවත් එවන් ආත්ම විශ්වාසයක් ඇති…

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල තවත් සුපිරි ජයක් ලබයි.

    20යි 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 94ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරී කඩුලු 04ක්, ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 03ක් සහ සුගන්ධිකා…