Author: Paththare Digital


  • රටේ නම ගිය අප#රාධකරුවකු ආයුධ සමග හසුවූ හැටි.

    වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ඇතුළු අවි ආයුධ තොගයක් මාදම්පේ පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් අපරාධයක් සඳහා යාමට සූදානම් වන පිරිසක් පිළිබඳව මාදම්පේ පොලීසියට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාදම්පේ…

  • හෙට පාර්ලිමේන්තුව විසුරුවයි ද…? බැසිල් සහ ඉන්දිය කොමසාරිස් අතර හමුවක්

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා. හෙට (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇති බවටයි දේශපාලන කවවල සාකච්ඡා වී තිබුණේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට පාදක වී ඇති කරුණු සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ. පසුගියදා…

  • අද පස්වරුවේ සැර වැස්සක්, පළාත් තුනකට මීදුම් තත්ත්වයක්.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (28) පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා. එමෙන් ම උතුර සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

  • ජාත්‍යන්තර වූෂු තරගයකදී වැඩිම ලකුණු ලැබූ ලාංකිකයා.

    ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබෙනවා. චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

  • කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..!

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි…

  • බැංකු ගිණුම්වලින් 60% ක්ම 5000 ට අඩු ඒවා බව හෙළි වෙයි.

    මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබේ. මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයකි (57,200,000) එම බැංකු ගිණුම්වලින් 60% ක්ම රුපියල් 5000 ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය…

  • අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය නෑ.

    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) පස්වරු 5.00 සිට හෙට (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව යන මහ නගර සභා බල ප්‍රදේශ සහ ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ…

  • මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට, කැබිනට් තීරණ සියල්ල මෙන්න.

    මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය තෝරාගත් පෞද්ගලික සමාගම් වෙත සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය හිමිව තිබෙනවා. මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යොමු කළ කැබිනට් පත්‍රිකාවටයි. ඒ අනුව, ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt.) Ltd සහ Airports of Regions Management Company of Russia හෝ එයට අනුබද්ධ…

  • එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ. දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. කෙසේවෙතත් ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා…