Author: Paththare Digital


  • හිරුණිකාට අධිකරණයට අපහාස කළ බවට චෝදනා.

    කාන්තාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට මැයි 8 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අභියාචනාධිකරණය ඊයේ (17) නොතීසි නිකුත් කළා. ඌව පළාත් ආණ්ඩුකාර එම්.…

  • රංගන වෙනුවට මුෂ්ටාක්ට අවස්ථාව.

    පාකිස්තානයේ හිටපු පා දඟ පන්දු යවන්නකු වන මුෂ්ටාක් අහමඩ් මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු බංග්ලාදේශ පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. 53 හැවිරිදි මුෂ්ටාක් අහමඩ් මේ මස අගභාගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට පෙර බංග්ලාදේශ කණ්ඩායමට එක්වනු ඇතැයි ද වාර්තාවනවා. මුෂ්ටාක් අහමඩ් බංග්ලාදේශ පිලේ දඟ පන්දු…

  • හිරුණිකාට නොතීසි.

    මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙනි. 

  • තෙවරප්පෙරුමට වැදුණේ විදුලි සැර ද අකුණු සැර ද – නිසි පිළිතුරක් තවම නෑ.

    හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඔහු ලොරියකට මඳක් ඈතින් වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති බවටද කරුණු අනාවරණය වී තිබුණා. ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග…

  • ලෝකයේ සුපිරිම අන්නාසි ලංකාවටත් එන ලකුණු.

    ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පැවතිය ද මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට…

  • සූරිය මංගල්ලේ ගීතය විකෘති කලේ සුරාබදු නිලධාරියෙක්.

    ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.

  • පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන තවත් තොරතුරු.

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති බවද වාර්තා වෙයි.  ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. පාලිත තෙවරප්පෙරුම මහතාගේ…

  • පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි.

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ විදුලි සැර වැදීමක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි . මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.