Author: Paththare ital


  • එලවළු මිල වාර්තාගත ලෙස අද තවදුරටත් පහළ බසියි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහත වැටි තිබෙනවා. විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් පහත වැටි ඇති බවයි එම මධ්‍යස්ථානයේ වෙළදුන් පවසන්නේ. ඒ අනුව අද බෝංචි කිලෝවක තොග මිල රුපියල් 80ත් 120ත් අතරත්, කැරට් තොග රුපියල් 150ත් 200ත් අතරත්, මාළු මිරිස් රුපියල් 300ත් 350ත් අතරත් පැවතියා. එළවළු මිලදි…

  • 31 රෑ ඉන්ධන මිල පහළට යයි.

    මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි අඩුව විය හැකි බවට තොරතුරු වාර්තා වනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඇතැම් වෙබ් අඩවි මේ බව සඳහන් කළා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මීට හේතුවන වන බව සඳහන්. මාසික මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සුළු අඩු වීමක් සිදු…

  • “මම ඉවත් වෙන්නේ නෑ…”-මහ බැංකු අධිපති

    තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු  අධිපතිවරයා මේ බව පැවසීය. “මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම…

  • ජාතික අවම වැටුප වැඩිකෙරේ.

    ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ යනු ඇත. ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල්…

  • මත්පැන් මිල ගැන අලුත් ආරංචියක්.

    එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, “මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම…

  • අපනයන තහනම දිගටම ලොකු ලූනු මිල ඉස්සෙන හැඩ.

    ඉන්දියාව ලොකු ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම හරහා මෙරට ලොකුලූනු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. ඉන්දියාව විසින් දෙසැම්බර් මාසයේදී පනවන ලද මෙම තහනම අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 31 වැනිදායින්ය. මෙරට වාර්ෂික ලොකුලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසක් පමණ වන අතර ඉන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ආනයනය…

  • එක් පවුලකට සහල් කිලෝ 10ක්.

    හඳුනා ගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය වන පරිදි එක් පවුලකට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. පසුගිය වසරේ මුල් භාගයේ දී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74 ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම්…

  • අමුතුම ආකාරයට ඡායාරූප ගත් හොර දොස්තර අල්ලයි.

    නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට ෆේස්බුක් හි දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වා ගෙන නිරුවත් ඡායාරූප ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට ගොදුරු වූ තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රූමත් තරුනියන් නිරූපණ…

  • තරු හෝටලේ සාදයේ කෑම නිසා සිය ගණනක් රෝහලේ.

    හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වූ 172ක පමණ පිරිසක් විවිධ ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. අදාළ සාදයට 280ක පමණ පිරිසක් සහභාගීව ඇති අතර ආසාත්මිකතාවයට ලක් වූ 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලේත්, 18 දෙනෙකු ලු‍ණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේත්, තවත් 30 දෙනෙකු අම්බලන්තොට රෝහලේත්, කිහිපදෙනෙකු ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

  • මම ඇඟ පේන්නෙ නැති සරල විලාසිතා තමයි කරන්නෙ..

    අංජලී ගැන විස්තර ටිකක් කියමුද? මගේ නම අංජලී වත්සලා ජයසිංහ. පදිංචිය මහනුවර මේ වෙද්දි නිළියක් සහ නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. කොහොමද රංගන ක්ෂේත්‍රයට ආවෙ? මම වසර කීපයක ඉඳලා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ අතරතුරේදි කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ වත්සලාගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබෙනවා. මගේ දෙවැනි රංගනය තමයි සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ අංජලීගේ චරිතය. හැබැයි පුදුමෙ…