Author: Paththare ital


  • විශ්ව බුද්ධ ගැන මහා නායක හිමි ගත් තීරණය.

    විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබේ. පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව…

  • කොරියන් නාට්‍ය බලන්න තහනමක්.

    දකුණු කොරියානු නාට්‍ය නැරඹූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට උතුරු කොරියාව බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ඒ, දකුණු කොරියාවේ චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාව විසින් තහනම් කර ඇති පසුබිමකයි.  අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය ඇතුළත් වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා  එළිමහන් ක්‍රීඩාංගණයක සිසුන්…

  • පොලිස් වෙඩි පහරින් මියගිය රියැදුරාගේ පවුලට මිලියනයක වන්දියක්.

    නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ ලොරි රථ රියදුරාගේ පවුලේ ඥාතීන් සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දී තිබේ. අලව්ව ප්‍රදේශයේ පිහිටි මිය ගිය රියදුරාගේ නිවසේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම මුදල ලබා දුන් බව පොලීසිය සඳහන් කළේය.

  • සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්.

    පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය. පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි…

  • 2024 අවසන්වීමට පෙර එන – ඊ පාස්පෝට්

    ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) මේ වසර අවසන් වන විට මෙරටට හඳුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය පැවසුවේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමේ මූලික වැඩසටහන් සහ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි ද අවසන් කර ඇති බවයි. නව විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය අනෙකුත් රටවල්…

  • විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවයි.

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවය. විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.…

  • අද සවසට තද වැසි.

    අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර…

  • රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්.

    2024 අයවැය මගින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා පැවසුවේ දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බවයි. ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ…

  • මාර්ග නීති කැඩුවොත් දඩ කොලේ තැපෑලෙන්.

    රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා ⁣නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය ලබන සඳුදා (22) සිට ක්‍රියාත්මක කරන බව වාර්තා වේ. එහිදී රථවාහන වැරදිකරුවන් සොයා බලා දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස්…

  • සංචාරකයින් ගෙන්වා ගන්න නව වීසා වැඩපිළිවෙලක්.

    පෙර වීසා ක්‍රමවේදයේ තිබූ සංකීරණභාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක හර්ෂ ඉලුක්පිටිය පවසයි. අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ…