Author: Paththare ital


  • ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් සමග රියැදුරෙකු අත්අඩංගුවට.

    ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියැදුරෙකු සන්තකයේ ව්‍යාජ මුදල් නොට්ටු කිහිපයක් තිබි හමු වු බවත්, සැකකරු ඊයේ (17) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසීය. සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවු 45 හැවිරිදි අයෙකු බවත්, ඔහු වෑන් රථයක රියැදුරෙකු වශයෙන් සේවය කරන අයෙකු බව නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය. සැකකරු මැදමුලන ප්‍රදේශයේ…

  • අමෙරිකානු නෞකාවකට හූති ප්‍ර#හාරයක්.

    යේමනයේ හූති කැරලිකරුවන් අමෙරිකාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒඩ්න් බොක්ක මුහුදේ යාත්‍රා කරමින් තිබූ එම නෞකාවට හූති කැරලිකරුවන් විසින් ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් නෞකාව ගිනිගෙන ඇති බවට එහි කපිතාන්වරයා දැනුම් දී ඇත. නෞකාවට ප්‍රහාරයක් එල්ල වූ බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, ඉන් ජීවිත…

  • සිම්බාබ්වේ ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද.

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ තීරණාත්මක අවසන් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරගය රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි. කණ්ඩායම් දෙකම මේ වන විට තරග 1ට 1ක් ලෙස ජයගෙන

  • Apple එක වෙයි.

    පසුගිය වසරේදී ලොව වැඩිම ස්මාර්ට් ෆෝන් ගණනක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව නවතම දත්ත අනූව පෙනීයයි. ඒ අනූව Samsung සමාගම දෙවන ස්ථානය ට පත්වී තිබේ. Samsung සමාගම ලොව ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළෙහි අඛණ්ඩව වසර 12ක් පළමුවන ස්ථානය හිමිකර ගෙන තිබුණි. පසුගිය වසරේ නැව්ගත කළ ස්මාර්ට් ෆෝන්වලින් 5න් එකකට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම…

  • දුමින්ද සිල්වාට දුන් ජනපති සමාව බලරහිත කරමින් අධිකරණ තීන්දුවක්.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. ඒ අනුව මෙම පෙත්සම්කාර දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර…

  • නව පාසල් වාරය ආරම්භයේ වෙනසක්.

    රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙන් මෙලෙස වාර ආරම්භක දිනය වෙනස් වී ඇත. කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක්…

  • විදුහල්පතිවරුත් තීරණයක් ගනී.

    නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව විදුහල්පති සේවා සංගමය පවසයි. එම සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා සඳහන් කළේ, මේ සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩලයෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදුවන බවය.  “තමන්ගේ උසස් වීම නැති, තමන්ගේ වැටුප අහිමි අය මේ අර්බුදයෙන් ගොඩ එන්න මේ පාලකයින්ට විශේෂයෙන්ම…

  • රටම කැළඹූ “අවලෝකේතීශ්වර” රිමාන්ඩ්.

    ‘අවලෝකේතීශ්වර බෝධිසත්ත්ව’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන ජනවාරි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළා. එහිදී සැකකරු අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර, ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ…

  • දිවයින පුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි.

    රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා වේ. අද උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24ක කාලයක් සඳහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව…

  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ සැප බස්රථයක් ගි#නිගනී.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නේ බස්රථයක් අද (15) දහවල් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කොළඹ – බදුල්ල ධාවනය වන සුඛෝපභෝගි බසයක් බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් කිසිවකුටත් හානී සිදු වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.