Author: Paththare ital
-
මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක්.
මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. තායිලන්ත ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවකින් මෙම නව වෛරසය සොයාගෙන ඇති බවයි එම වාර්තා සදහන් කළේ. වූහාන්හී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වෛරසය සොයාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ…
-
ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 5000ක්.
මෙම වසරේ (2024) ගතවූ දෙසතිය ඇතුළත දිස්ත්‍රික්ක දහයක අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හැටහතකින් ඩෙංගු රෝගීන් පන්දහස් විසිනවදෙනකු වාර් ථා වි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්ථා වන අතර එම සංඛ්‍යාව එක්දහස් හත්සියයකි. උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් එක්දහස්එකසිය අනූ හතරදෙනෙකු වාර්තා වෙයි…
-
කාලගුණයේ සැබෑ වෙනසක්.
නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. සුළං ඊසාන දිශාවෙන්…
-
ලෝකයේ සියයට 60කගේ රැකියා අවධානම්.
කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර තිබේ. කෙසේවෙතත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම සියයට 40ක් වන බව ඇය පෙන්වා දී ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින්…
-
නිවාස අලුත්වැඩියා කරන්න 15,000කට ණයක්.
“සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000කට ලබාදීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති රජීව් සූරියාඅරච්චි පැවසුවේ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දෙන බවයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය ප්‍රතිලාභීන්ට දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. …
-
තවත් සැකකරුවන් 771ක් අත්අඩංගුවට.
ගත වූ පැය 24 තුළ ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී හෙරොයින් ග්‍රෑම් 192ක්, අයිස් ග්‍රෑම් 101ක් හා මත්පෙති 10,611ක් ද සොයා ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
-
අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.
පුත්තලම – කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. යුක්තිය මෙහෙයුමට සමගාමී ව ඊයේ (13) ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොළඹ බලා යාම සඳහා අක්කරෛපත්තු බස් රථයට නැගී කොළඹ දෙසට ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන…
-
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්.
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර භාණ්ඩ කිහිපයක මිල ගණන් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. එම භාණ්ඩ සහ එවායේ මිල ගණන් පහතින්,
-
විදුලි බිලේ සහනය ලැබෙන්නේ මෙහෙමයි.
ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු කටයුතු සූදානම් කර ඇති බවය. “විදුලි බිල හරහා දෙන්න පුළුවන් උපරිම සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. හැමෝම කතා කරන්නේ ඒකක 0 – 30, 0 –…
-
වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා – ජනපති.
ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක්…
