Author: Paththare ital
-
නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක්.
නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් එම නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල පිහිටුවීමට නියමිතය. රජය අපේක්ෂා කරන්නේ එවැනි විශ්වවිද්‍යාලයක් හරහා අතිනවීන කමවේද උපයෝගී කරගැනීමට, ගෝලීය අධ්‍යයන සම්බන්ධතා පෝෂණය කිරීමට, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මූලික පරිසරයක් ඇතිකිරීමට…
-
මේ වසරේ මැතිවරණය ගැන ඉඟියක්.
මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton හමුවූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව පැවසීය. “මේ මැතිවරණ වසරක්. මම මගේ අමාත්‍යාංශයේ…
-
යුක්තිය මෙහෙයුමෙන් මහ මොළකරුවනුත් අල්ලන්න.
යුක්තිය මෙහෙයුම මගින් ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන ඇති පියවර ප්‍රශංසනීය බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදාහරින මහ මොළකරුවන්ද කඩිනමින් පාලනය කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ඊයේ (8 වැනිදා) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, සාමකාමී බව සහ එදිනෙදා ජන ජීවිතය පිළිබඳව අතිශයින් සතුටු වන බවද ඇමරිකානු තානාපතිවරිය ප්‍රකාශ කළාය.…
-
අපි අනුමත කරපු ජංගම දුරකථන පමණක් මිලදී ගන්න – TRC.
පාරිභෝගිකයන් මිලදී ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් බව (TRCSL) එම ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. එම ආයතනය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති බව තහවුරු කර ගැනීමට එමි (IMEI) අංකය පරීක්ෂා කරන ලෙසය.…
-
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්.
ඉන්දුනීසියාවේ තලාවුඩ් (Talaud) දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
-
බිල්පත් නොගෙවීම හේතුවෙන් කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධි කෙරේ.
විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබේ. පසුගිය දා පැවති මෙම කාරක සභා රැස්වීමේ දී මෙම තොරතුරු පිළිබඳව ඉතා ගැඹුරින් සැලකිල්ලට භාජනය වී ඇති බව සඳහන්ය. මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම…
-
TIN අංකය නොගත්තොත් දඩ නීතිය ක්‍රියාත්මකයි.
ටින් අංකය (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය) ලබා නොගතහොත් පෙබරවාරි මස පළමුවැනිදා සිට රුපියල් පනස් දහසක දඩ මුදලක් අය නොකරන බවත්, ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව හුරු කිරීමෙන් අනතුරුව යම් කාලයකට පසුව ඊට අනුකූලව කටයුතු නොකරන්නන්ට විරුද්ධව දඩ නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්.නෆීර් පැවැසීය. ටින් අංකය ලබාගැනීම සඳහා වයස අවුරුදු 18 ට…
-
ඩෙංගු යැයි සැක නම් පැරසිටමෝල් හැර වෙන ඖෂධ බොන්න එපා.
ඩෙංගු හිස ඔසවා ඇති බැවින් උණ සහිත රෝගියෙකු වේ නම් ඔවුන් වෛද්‍යවරයකු හමුවන තෙක් පැරසිටමෝල් හැර වෙනත් කිසිම ඖෂධයක් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. ජාතික ඩෙංගු මර්දන සතිය ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන විජේරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (07 වැනිදා) පැවැත් වුණි. ඊට එක්වෙමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ…
-
ජනපතිගෙන් පොරොන්දුවක්.
උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි. යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය. මේ අතර,…
-
අලුත් වූ මයික්‍රොසොෆ්ට් යතුරුපුවරුව.
මයික්‍රොසොෆ්ට් ආයතනය තම පරිගණක යතුරුපුවරුව හෙවත් Key board එක ආන්දෝලනාත්මක වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබේ. ඒ , කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key එකක් හඳුන්වාදීමත් සමගය. දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට් ආයතනය සිය යතුරු පුවරුව වෙනස් කිරීම ද විශේෂත්වයකි. මෙම නව AI Key එක භාවිතා කරමින් Windows 11 පරිගණකවල කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය මෙවලම වන Copilot වෙත…
