Author: Paththare ital


  • මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත ලබාදෙන්න – GMOA.

    අවිද්‍යාත්මක මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. විවිධ හේතු මත එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන්ටද අද (06) දින පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහනේදී සරම්ප එන්නත් ලබාගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය…

  • ලියාපදිංචි වාහන සඳහා යළි බදු අය කිරීමේ අවදානමක්.

    රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේ, මේ පිළිබඳ වාහන අලෙවිකරන පුද්ගලයන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

  • TIN එක ගන්න ලේසිම ක්‍රමය මෙන්න.

    බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,  “ඕනේම වෙලාවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඒකට යොමු කිරීම තුළින් TIN අංකයක් ගන්න…

  • විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කරයි.

    විදුලි ගාස්තු 50%කින් පමණ මේ මාසය තුළ දී යළි අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසයි. ඔහු පැවසුවේ විදුලිබල මණ්ඩලයේ එම යෝජනාව එළඹෙන 12 හෝ 13 වන දිනවලදී මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවයි. ඒ අනුව එම කොමිසම හරහා අදාළ ඉදිරි කටයුතු සිදු කරනු ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක…

  • යළිත් වාහන ආනයනයට සැරසෙයි. වැඩේ වෙන්නේ මෙහෙමයි.

    මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි. මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ විදේශ සංචිත ස්ථාවරව පවත්වාගෙන යෑමට බව එම සංගමය පෙන්වා දී තිබේ. එමෙන්ම මෙලෙස නැවතත් මෝටර්…

  • වයස 18ට වැඩි ඔබ බදු අංකය ලබාගන්නේ මෙහෙමයි.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර පිටපතක් මුද්‍රණය කරගත හැකි වෙයි.  ඒ නිසා එම අයදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට…

  • දරුවන්ගේ අමතර සරම්ප එන්නත් මාත්‍රාව 6 වැනිදා සිට.

    මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ ලබන 06 වන දින තෝරාගත් දිස්ත්‍රික් 9ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ආරම්භ කරන බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී…

  • චාමර වීරසිංහ සුව අතට.

    රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි. ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව භාජනය නොකෙරුණු බවය. නමුත් ඔහුගේ හඬ ට යම් විවේකයක් අවශ්‍ය බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තවදුරටත් පැවසීය. “ජනප්‍රිය ගායක චාමර වීරසිංහ කෘතිම ශ්වසන…

  • VAT වැඩිවීමත් සමගම ලිට්රෝ ගෑස් සමාගමේ සංශෝධනය වූ නවතම මිල ගණන්.

    2024 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය තීරණය ගත් පරිදි වැඩ බදු සංශෝධනය සිදුකිරීම නිසා මේ වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වර්තමාන මිල පෙර මිලට වඩා ඉහලයාම සිදුවුණා. ඒ අතරින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලත් මේ ආකාරයේ සංශෝධනය වීමක් සිදුවුණා. 2024 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 KG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685 කින් ඉහළ දැමීම…

  • බිත්තර මිලියන 6ක් අද ශ්‍රී ලංකාවට.

    බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් අද (31) ඉන්දියාවේ සිට මෙරටට ළඟා වීමට නියමිතයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ එම බිත්තර තොගය ලබන ජනවාරි 4 වැනිදා වන විට දිවයිනේ සියලුම සතොස අලෙවිසැල්වලට බෙදා හැරීමට කටයතු කරන බවයි. උත්සව සමයේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට…