Author: Paththare ital


  • ඖෂධ 38ක් අවුරුද්දක් තිස්සේ ගුවන් තොටුපොළේ.

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තාවකාලික ලියාපදිංචිය අත්හැරීමේ ලිපි හරහා ගෙන්වන ලද ඖෂධ වර්ග 38ක් වසරක කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ඇත. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ගාල්ලේදී පෙරේදා (24 වැනිදා) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.  ට්‍රාන්ස්සේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශේෂ්ඨාධිකරනයේ ගොනුකළ නඩුවක…

  • වැස්සට හසු වූ රාජ්‍ය සේවකයන්ට නිවාඩුවක්.

    පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙලෙස ලබා දෙන විශේෂ නිවාඩු අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු බවට…

  • ජංගම දුරකථන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම.

    වැට් බද්දෙන් නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන්, රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද 15% සිට 18% දක්වා එකරව වැඩිවීම හේතුවෙන් ජංගම දුරකථන කර්මාන්තයට දැඩි බලෑමක් එල්ල වන බවත් එමගින් සෘජු රැකියා අවස්ථා 10,000කට අධික…

  • බොහෝ සිරකරුවන්ට හෙට නත්තල් සමාව.

    ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් විශාල පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක පැවසීය. එම සිරකරුවන්ට කොන්දේසි සහ සීමානන්ට යටත්ව මෙම පොදු සමාව ප්‍රදානය කරන බව කී ඒ මහතා පොදු සමාව ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම හෙට (25) නිදහස් කිරීමට නියමිත බව…

  • රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි.

    ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියකු ලෙස රෙක්ස් කොඩිප්පිලි මහතා හැඳින්විය හැක. සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කළ රෙක්ස් කොඩිප්පිලි මහතා, චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයක සිය රංග ප්‍රතිභාව විශද කළ…

  • රාජ්‍ය​ සේවයේ නිවාඩු අඩුවේ.

    රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර තිබේ. එම නිවාඩු අඩු කරන ලෙස යෝජනා කර ඇත්තේ අනියම්…

  • එක් අයෙකුට සතොසෙන් බිත්තර 35යි. සතොසෙන් අලුත්ම තීරණයක්.

    ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ. දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා මිලදී ගැනීම සඳහා සතොස ශාඛා ඉදිරිපිට පාරිභෝගිකයින් පෝලිම් ගැසී සිටී. සතොසට දිනකට බිත්තර මිලියනයක් නිකුත් කෙරෙන අතර ඒවා කළමනාකරණය කර ගනිමින් සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා…

  • චාමර වීරසිංහ ICU එකේ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්.

    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි. දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇති අතර, ඔහු බැලීම සඳහා අවසර හිමි නොවන බවට එහි දක්වා ඇති බවයි පැවසෙන්නේ. විශාල රසික පිරිසක්…

  • වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින්.

    ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, තවත් 5000කට අධික සංඛ්‍යාවක් විදෙස් ගතවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටින බවයි. කුඩා රෝහල් 40කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වැසී ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

  • නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්.

    ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවය. “එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුවෙලා මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනියන්නේ. ඒ වගේම රටේ ලේසි ගමනක් නෙමෙයි යන්නේ. අඳුරු ගමනක්. එසේ වුවත්…