Author: Paththare ital


  • IPL ක්‍රීඩක වෙන්දේසිය අද.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදී අද (18 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ගේ නම් ඉදිරිපත් වී තිබේ. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 333 ක් ඇතුළත් කොට තිබෙන අතර මේ අතුරින් විදෙස් ක්‍රීඩකයන් 30කට සහ ඉන්දියානු ක්‍රීඩකයන් 43කට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට සහභාගී…

  • රට රැකියාවට යන්න ඉන්න අය වෙනුවෙන් ගත් තීරණයක්.

    දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කරගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලබයි. මේ වනවිට දිවයින පුරා කුලී පදනමින් ලබාගෙන ඇති ගොඩනැගිලිවල අවම පහසුකම් යටතේ…

  • විදුලි බිල සංශෝධනයක්.

    ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව වාර්තාවෙයි.  වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල…

  • මුතු ඇටයේ හිඟන්නන්ගේ හදිසි වැඩි වීමක්.

    නගර සභා, මහ නගරසභා හැටපහක් තුළ මෑතදී කරන ලද යාචකයන් (සිඟන්නන්) පිළිබඳ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ අති යාචකයන් සංඛ්‍යාව 1003 දෙනකු බව හෙළිව තිබේ.  අදාළ නගර සභා මහ නගරසභා ආසන්නයේ සිටින යාචකයන් සංඛ්‍යාව 3,661ක් බවද හෙළිව ඇතැයි සමාජසේවා දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි. එම සංඛ්‍යාව අතරින් බස්නාහිර පළාතේ පමණක් යාචකයන් 1,618ක් සිටින බව සඳහන්ය. පසුගිය කොරෝනා වසංගතයෙන්…

  • IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාවේ යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බවය. දේශීය ණය සහ…

  • රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්.

    ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. එම අත්තිකාරම් මුදල ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට පෙබරවාරි මස 29 වන දින දක්වා කාලය තුළ ලබාදීමට නියමිතය. මහා භාණ්ඩාගාරයේ එකඟතාව…

  • කෝටි ගානක් වටිනා ගමන් මල්ලක්.

    කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10ක් වටිනා ‘කුෂ්’ නැමැති ගංජා තොගයක්  ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ සිට ඩුබායි වෙත රැගෙන නොවැම්බර් මස 14 දින පස්වරු 02.40ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන…

  • මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්.

    රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ කැපී පෙනන පහළ යාමක් නිරීක්ෂණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු උපත්, මරණ සහ විවාහ පිළිබඳ දත්ත වාර්තාවට අනුව වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වෙයි. 2014 වර්ෂයෙන් පසු සෑම වසරකම ලියාපදිංචි උපත්…

  • බස් එකේ කාන්තා හිංසන කරන්නන් අල්ලන්න ගැජට් එකක්.

    කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට බස් රථවල සිදුවන හිංසන මෙන් ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස් රථ සඳහා නව තාක්ෂණික මෙවලමක් ස්ථාපනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඒ අනුව බස් රථ තුළ ස්ථාපනය කරන වෝකිටෝකි මාදිලියේ උපකරණයක් හරහා අදාළ අවස්ථාවේ දී ම එම අතවරය සම්බන්ධයෙන් දැනුවත් කළ…

  • ජාතික රෝහලට ආ රෝගීන් දහස් ගණනක් හරවා යවලා.

    කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලේ ප්‍රධාන වායු සමීකරණ පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් ඊයේ (6) ආපසු හරවා යවා ඇත. බාහිර රෝගී අංශය පිහිටි අට මහල් ගොඩනැගිල්ලේ ප්‍රධාන වායු සමීකරණ පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සිදුකළ නොහැකි වීම මත රෝගීන් මෙසේ ආපසු හරවා…