Author: Paththare ital


  • සරසවි කඩඉම් ලකුණු අද එළියට.

    2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 04 වැනිදා නිකුත් කරනු ලැබීය. අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938ක් (63.3%)ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට එහිදී සමත් වුණි.

  • උසාවිවල සාක්ෂි කූඩු ඉවත් කරන්න සුදානම්.

    අධිකරණවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (30 වැනිදා) සඳහන් කළේය. ‘අධිකරණය යනු බියෙන් හා සැකෙන් යා යුතු තැනක් නොවෙයි. අධිකරණයන් වෙත සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වන සියලුම පුද්ගලයන් වැරදිකරුවන් නොවෙයි. සාක්ෂිකරුවන් යනු අධිකරණ ක්‍රියාවලිය සඳහා සහාය වන පුරවැසියන් වනවා. එම නිසා කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ ‘කූඩු ක්‍රමය’ වෙනස්…

  • යන එන මඟදි උපත් පාලන කොපු ලබා ගන්න යන්ත්‍ර සවි කරයි.

    ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ සඳහන් කළාය. 2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල…

  • ලංකාවේ දරුවන්ව පිටරට යවන ජාවාරමේ තවත් තොරතුරු.

    මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය. අද (30) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. “මිනිස්සු කම්පනයට පත්කළ පුවතක් මේ දරුවන් 13 දෙනෙකු මැලේසියාවට ගිහිල්ලා එහිදී…

  • වැඩබලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි.

    වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ දේශබන්දු මහතා වැඩ භාරගත් අතර, එම අවස්ථාවට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ. දින කිහිපයක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) දිනයේ නම්…

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 තරග කාලසටහන.

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ 2024 ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නව වසරේ ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පළමු තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය ජනවාරි මස ආරම්භවීමට නියමිතව තිබේ. අනෙකුත් තරග පිළිබද කාලසටහන පහතින්,

  • කෝපි හෙක්ටයාරකට රජයෙන් මිලියනයක්.

    ලබන වසරේදී අලුතින් කෝපි වගා කරන හෙක්ටයාරක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ. ලබන වසරේදී හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇති අතර ඊට වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 400කි. මෙරටදී ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස කෝපි වගා නොකළද, මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපළේ ඇති ඉහළ ඉල්ලුම…

  • රටවල් හතක සංචාරකයන්ට ලංකාවෙන් නොමිලේ වීසා.

    රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමේ නියමු වැඩසටහනක් ලෙස චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් උදෙසා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව මෙම වැඩසටහන 2024 වර්ෂයේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන…

  • මහනුවර මහ නගර සභාවේ ලක්ෂ 51 ක් දියණියගේ විවාහයට රැගෙන ගිය නිළධාරිනියක් අත්අඩංගුවට.

    මහනුවර මහ නගර සභාවට ලැබී තිබු මුදලක් දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරිමට රැගෙන ගිය බව කියන එහි සේවය කරන නිළධාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහනුවර පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළවයි. එම මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට ලැබි තිබු රුපියල් ලක්ෂ 51 ක මුදලක් එළෙස රැගෙන ගොස්…

  • ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්..?

    ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේය. යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු පැවසුවේ, එමගින් පුණ්‍ය ආයතන, රෝහල්…