Author: Paththare ital
-
අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි.
අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය. ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම…
-
ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිළිබඳ තීරණයක්.
ග්‍රාම නිලධාරි තනතුරවල තිබෙන සියලුම පුරප්පාඩු එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. 2021 වසරේ අයදුම්පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් මස 02 වැනි දින විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරී විභාගය පැවැත්වීමට…
-
අදත් සවස 2න් වෙනසක්. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (26) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව…
-
උත්සව සමය සඳහා සහල් ආනයනයට සුදානම්.
එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව උත්සව සමය…
-
වැල්ලම්පිටියේ හදිසි මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට.
අද (26) අලුයම වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ දී පොලීසිය හා යුද හමුදාව එක් ව සිදු කළ මෙහෙයුමකින් කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ වැඩි වීම සහ මත්ද්‍රව්‍ය යන කාරණා හේතුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, ඊට පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු සම්බන්ධ වී…
-
ඔන්ලයින් ණය උගුලට ඔයත් හසු වුනාද..?
ඔන්ලයින් ඔස්සේ ක්ෂණික ණය මුදල් ලබාදෙන බව පවසමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරයි. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ජනතාව අපහසුතාවට පත්කරන මෙවැනි ගනුදෙනුවලට සම්බන්ධ සමාගම්වලට එරෙහිව පොලීසිය පියවර ගත යුතු බවය. සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම් හරහා ක්ෂණික ණය ලබාදෙන ආයතන රැසක් පිළිබඳව මේ දිනවල මහජනතාවගෙන් පැමිණිලි…
-
ඉන්දියා – ඕස්ට්‍රේලියා පළමු ටී-20 තරගය අද.
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගය අද සිට ආරම්භවීමට නියමිතයි. තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය අද විශාකපට්නම් හිදි පැවැත්වෙනු ඇත. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයේ ඉන්දී කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර් යාදේව් විසින් දරනු ලබන අතර, ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය මැතිව් වේඩ් විසින් දරනු ලබයි.
-
අවුරුදු 4 සම්පූර්ණ දරුවන් පෙරපාසල්, සාමාන්‍ය පෙළ 10 වසරට එයි,
අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. අද (22) පාලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවය. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට නියමිත අතර, උසස් පෙළ විභාගය සඳහා දරුවෙක් අවුරුදු 17…
-
සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි
ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසයි. එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට ද කථානායකවරයා මෙහිදී නියෝග කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද…
-
මෙරට ඉන්ධන අලෙවියට තවත් සමාගමක් එයි.
පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සහ ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ. ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම හරහා Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු යෙදෙන අතර RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.…
