Author: Paththare ital


  • කෝලි අංක 1ට – ඩිල්ෂාන් අංක 2ට.

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීයේ පළමු වටයේ තරග සියල්ල ඊ‌යේ (12) දිනයෙන් නිමාවට පත් විය. පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දීය පිතිකරුවන් විරාට් කෝලි සමත්ව තිබේ. ඒ, ඊයේ (12) නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදි ලකුණු 51ක් ලබා ගැනීමත් සමගය. කෝලි මේ වන විට එක්දින ලෝක කුසලාන…

  • රාජ්‍ය සේවකයන් සතුට කරන්න ජනපති අද දවල් 12ට එයි.

    විසි ලක්ෂයකගේ වැටුප් වැඩි කෙරෙන ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කෙරේ. දාහතර ලක්ෂයක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ලක්ෂ හයක් පමණ වන විශ්‍රාමිකයන්ගේ ද වැටුප් මෙවර අයවැයෙන් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබිණි. රුපියල්…

  • අයවැය හෙට පාර්ලිමේන්තුවට – ලක්‍ෂ 20කට පමණ වැටුප් වැඩි වේ.

    2024 අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 78 වන අයවැයයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතය. එසේම 2 වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිතය. ඒ…

  • සියල්ලගෙන්ම කුසල් සමාව ඉල්ලයි.

    තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරයි. අද (12) දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ක්‍රිකට් කණ්ඩායම එක් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී…

  • ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායම අද මාධ්‍ය හමුවක.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊට සහභාගී වන නියමිතයි. අද පෙරවරු 11.00ට කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමත් ඊට අදාළ කාරණාත් ඔවුන් පැහැදිලි කරනු ඇත.

  • 2024 ආහාර මිල ගැන තොරතුරු රැස් කෙරේ.

    එළැඹෙන 2024 වර්ෂයට අදාළ වන පරිදි සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය විසින් තොරතුරු රැස් කිරීම ආරම්භ කර තිබේ. එලෙස රැස් කරන තොරතුරු දෙසැම්බර් මස දෙවැනි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පැවසීය. ඒ අනුව​ මෙරට සිදු කරමින් තිබෙන ආහාර…

  • දැන් නම් වැඩේ වරදින්නයි යන්නේ. ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

    තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය. ඒ, අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් බොන්නේ නැහැ. ඒ තරම් මගේ ජීවිතය ගැන අවධානමක් තියෙනවා. රටේ හැම ආයතනයක්ම…

  • ටයිටැනික් රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට.

    ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව තිබේ. වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ මගීන්ට ලබා දුන් ආහාර ලැයිස්තුවක් තිබූ බවයි. මෙම ආහාර ලැයිතුව පිළිබඳව ඔහුගේ පවුලේ අය ඇතුළු කිසිවෙකුත් නොදන්නා බව වාර්තා වේ 2017 වසරේ…

  • අරවින්ද ද සිල්වාට ICCයෙන් විශේෂ අවස්ථාවක්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) වෙත ඇතුළත් කිරීමට නියමිතයි. මීට පෙර මේ සඳහා ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යි. 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී…

  • වසරක් පාසා බිලියන 7ක් පාඩු ලබන තැපෑල ඩිජිටල් කරයි.

    තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමිනි. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස…