Author: Paththare ital
-
කොළඹ වරායට ආ චීන නැව ගැන අලුත්ම විස්තරේ.
“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය. චීනයට අයත් “Shi Yan 6” පර්යේෂණ නෞකාව…
-
ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවේ. ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම…
-
ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්.
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රිදී දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 කාණ්ඩයෙන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත. එහිදී සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09කි.
-
රටවල් හතකට නොමිලේ වීසා
රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය. ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ.
-
අද කාලගුණයෙන් රතු නිවේදනයක්..!
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00න්පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසිද ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන…
-
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ?
එළැඹෙන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට යෝජිත බව පැවසෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මෙවර අයවැයෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට සුදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුවී ඇත්තේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තොම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ දෙසැම්බර් මස 31 වනදාට ප්‍රථම මහ…
-
දකුණේ පාසල් ගැන තීරණයක්.
දකුණු පළාතට ඊයේ (22) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල බලපෑම් එල්ල වී ඇති පාසල් පමණක් වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පැවරූ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය. ඇතිවු හදිසි ආපදා තත්ත්වය මත…
-
කාලගුණ අවදානමක් ගැන දැනුම්දීමක්..!
පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලීමක් කර තිබේ. අධික වර්ෂාව හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි. ඒ හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස සංචාරකයන් ඇතුළු පිරිස්වලින් ඉල්ලීමක් සිදු කරන බව…
-
යාපන ගුවන් තොටට දිනපතා චෙන්නායි සිට යානයක්.
මේ වනවිට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට ක්‍රියාත්මක වන පලාලි ගුවන් තොටුපලෙහි මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පසුගියදා පලාලි ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මේ වන විට ඉන්දියාවේ චෙන්නායි සිට සෑම දිනකම මගීන් 60 රැගෙන එලායන්ස් සමාගමට අයත් ගුවන් යානයක්…
-
දෛනික ඉන්ධන මිල සූත්‍රය ඇරඹෙන දිනය මෙන්න.
දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පැවසීය. එම ක්‍රමවේදයට අනුව ඉන්ධන මිල ගණන් දෛනිකව වෙනස්වීමට නියමිතය.
