Author: Paththare ital
-
දූෂණ පනත වෙනස් කෙරෙන ගැසට්ටුව එළියට.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය. පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායක මණ්ඩලය යනාදී වචන වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
-
විදුලි බිල වැඩි නොකළොත් වෙන දේ IMF පහදයි.
විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් ප්‍රකාශ කර ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියාව පවතින බවත් පොදුවේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී…
-
රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුනක් සඳහා නිදහස් සංචාරක වීසා.
සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය…
-
IMF සමඟ එකඟතාවක් අද හෙටම. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපය තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඉදිරි ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී. අදාළ මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණයහිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ දී පවා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙයාකාරයෙන් සාධනීය…
-
දක්ෂිණ අධිවේගී මාර්ගය අසල තවත් පැල්මක්
නායයෑමෙන් අවහිරවූ දක්ෂිණ අධිවේගී මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ. කෙසේවෙතත් තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසීය. අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා, “තව පැල්මක් තිබෙනවා.. ඒ කියන්නේ තව අවදානමක්. ඒකත් එන්න පුළුවන්.…
-
ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද.
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද (12) ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ව තිබේ. මෙරට වේලාවෙන් දහවල් 02.00ට තරගය ඇරඹීමට නියමිතයි. ලක්නව්හී පැවැත්වෙන තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙම්බා බවූමා විසින් මෙහෙයවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ, පැට් කමින්ස් විසිනි.
-
කාලගුණයෙන් විශේෂ දැනුම්විමක්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිරපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ…
-
නවක වදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.
පසුගිය වසර තුනක කාලසීමාව තුළ රජයේ විශ්වවිද්‍යාලවලින් වාර්තා වූ නවක වද සිද්ධීන් සහ ඒවා වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල වෙත නියෝගයක් නිකුත් කර තිබේ. 2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු ලෙස ඇතුළු වූ අවස්ථාවේ දී විශාල ටයරයක් තමා…
-
මතීෂ ගැන මාලිංග ගෙන් ප්‍රකාශයක්..
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, මතීෂ මම නුඹ සමඟයි යනුවෙනි. එසේම මම නුඹ ව විශ්වාස කරමි යනුවෙන් ද ලසිත් මාලිංග සටහන් කර තිබේ. ඊයේ (10) ශ්‍රී…
-
තරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අමුතුම සෙල්ලම මෙන්න.
මෙරට තරුණ තරුණියන් රවටමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයෙකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කරවමින් මෙම ජාවාරම සිදුකර තිබුණි. සැකකරු මීගමුව අධිකරණයට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 19 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
