Author: Paththare ital


  • ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න හැමෝටම සුවිශේෂි ආරංචියක්.

    ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළැඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙමගින් ගුවන් මගීන්ට ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල ආසන වෙන්කරවාගැනීමට අවස්ථාව…

  • ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි.

    ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.…

  • ඉන්දියා කැන්ගරුවන් සමග අද සටනේ.

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. තරගය පෑවැත්වීමට නියමිතව ඇත්තේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ. මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගය ලකුණු 102කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවන්…

  • කාලගුණ‍යේ අවවාදාත්මක නිවේදනයක්.

    පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ගංවතුර නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ඊයේ (06) නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය දින 02කට බලපැවැත්වෙන බවයි. පවතින අධික වර්ෂාවෙන් වැඩිම…

  • ලොවක් කතා කළ නඩුවෙන් නිදහස් වූ ධනුෂ්ක මාස 11 කට පසු දිවයිනට.

    ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනා එල්ලවූ නඩුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. ඔහු මෙලෙස දිවයිනට පැමිණියේ මාස 11 කට පසුවයි. ඕස්ට්‍රේලියාවේදී කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා යටතේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විභාගවූ නඩුවෙන් නිදොස්කොට නිදහස් වීමෙන් පසුවයි ධනුෂ්ක මෙලෙස මෙරටට පැමිණියේ. අදාළ සිද්ධියෙන් පසු ධනුෂ්ක…

  • දෙනියාය බලා ගමන් කරමින් තිබු බස්රථයක් කොල්ලුපිටියේදී අනතුරක්. 5ක් අවසන් ගමන්.

    කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. මේ අතර ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය. කොළඹ සිට…

  • වැඩිහිටියන්ගෙන් 48% ක්ම තනිවෙලා

    මෙරට වැඩිහිටි ජනගහණයෙන් සියයට හයත්, සියයට හතත් අතර පිරිසක් ඩිමෙන්ෂියා රෝගීන් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ ලේකම්, වෘද්ධ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මල්ෂා ගුණරත්න පැවසුවාය . එසේම වර්තමානයේ තරුණ පිරිස රට හැර යාමත් සමග ද නිවෙස්වල සිටින වැඩිහිටියන් තනිවන බවට හඳුනාගෙන තිබේ. පසුගිය පළමුවැනිදාට යෙදුණු ජ්‍යාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව…

  • 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භවීමට නියමිතයි. එහි පළමු තරගයට එක්වන්නේ, එංගලන්තය සහ නවසීලන්තයයි. 1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වීමට නියමිතව තිබේ. ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 10කදී ය. තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින්…

  • කාලගුණයෙන් දැනුවත් කිරීමක්

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්,පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

  • නදීෂාගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්.

    2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙනි. ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 61.57කි. වසර 17කට පසුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.