Author: Paththare ital


  • ජල ටැංකියකට වැටීමෙන් පුංචි මලක් පරවෙයි.

    කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ. තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ පිහිටි ජල ටැංකියකට වැටීමෙන් එම දැරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 03ක් වයසැති දැරියක වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මේ අතර, හබරාදුව, කතලුව පාලම…

  • අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති ලොව 08 වෙනි මහාද්වීපය සිතියම් ගත කෙරේ.

    මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. ‘සීලන්ඩියා’ Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙරාතුවයි. නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත් වී සිටින බවයි පැවසෙන්නේ. මෙම මහද්වීපයට අයත් භූමියෙන් අද මුහුදින් මතුපිට ඇත්තේ…

  • ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ නීතිය හෙට සිට.

    තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි. ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර…

  • වට්ස්ඇප් සඳහා නව විශේෂාංගයක්.

    වට්ස්ඇප් සඳහා මෙටා සමාගම නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. ඒ කෘත්‍රිම බුද්ධිය මඟින් ස්ටිකර් (Sticker) නිර්මාණය කිරීමේ හැකියාව වේ. මෙහිදී පරිශීලකයින්ට ස්ටිකර් පැනලය (Stickers Pannel) විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට Popup Window එකෙහි තමන්ට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුලත් කළ විට එමඟින් Sticker එකක්…

  • පැතිරෙන අසත්‍ය ප්‍රචාර ගැන සෞඛ්‍ය අංශයේ හෙළිදරව්වක්.

    “නිපා” වෛරසය ගැන පැතිර යන බොහෝ කතා නිසා සමාජයේ බොහෝ දෙනා ඉන්නේ ගොඩක් බයෙන් සැකෙන්… විශේෂයෙන් කුඩා ළමයි ගැන ඉන්නේ ගොඩක් සැලකිල්ලෙන්.. ඒත් මේ වෙද්දී ගොඩක් අසත්‍ය දේවල් ඒ ගැන පැතිරෙනවා… මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක්… නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය හා වට්ස්ඇප් පණිවුඩ…

  • ගෑස් භාවිතා කිරීම ව්‍ඩාත් ලාභදායී වන්නේ ඇයි.?

    අපේ රටේ අලුතින් ආරම්භ වන සහ මධ්‍යම ප්‍රමාණයෙන් පවත්වාගෙන යන ව්‍යාපාර බොහෝ සංඛ්‍යාවක් තිබෙනවා. මේ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර බවට පත් කරගන්නට නම් අඩු වියදම් සහ වැඩි ආදායම් සහිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. අලුතෙන් පටන් ගත් ව්‍යාපාරයක් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන ගමනේදී එම ව්‍යාපාරයේ වියදම් හැකි පමණින් අඩු කර ගැනීමට ව්‍යාපාරිකයන් උනන්දු…

  • දෙහිවල සතුන් වත්ත නොමිලේ බලන්න අවස්ථාවක්.

    ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ.  ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහාය. එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

  • LECO විදුලි බිලට තවත් බද්දක්. මෙන්න අලුත් බිල වැඩිවෙන හැටි.

    සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි. 2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ LECO සමාගම පවසයි.  ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද…

  • කාලගුණයෙන් විශේෂ නිවේදනයක්.

    දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අද (29) දිනයේත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම…

  • Dumbledore සදහටම නික්ම යයි.

    අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය. ලොවපුරා අතිශය ජනප්‍රිය වූ හැරී පෝටර් චිත්‍රපටයේ Dumbledore චරිතය හරහා Sir Michael Gambon රසිකයින්ගේ ආදරය දිනා ගත්තේය.