Author: Paththare ital


  • පෙම්වතිය බෙදා ගන්න බැරුව, වෙන්ඩ නැන්දම්මලා එක්ක පෙම්වතුන් පොලිසි යයි.

    17 හැවිරිදි බාල වයස්කාර දැරියක් පෙම්වතුන් දෙදෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙහි පළමු පැමිණිල්ල දැරියගේ අලුත් පෙම්වතාගේ මව යොමු කර ඇති අතර තවත් පැමිණිල්ලක් පැරණි පෙම්වතාගේ මව විසින් ගොනු කර තිබුණා. 17 හැවිරිදි දැරිය මීට මාසයකට පමණ පෙර සිට ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති…

  • සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට හදිසි උපදෙසක්.

    දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු අනෙකුත් පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව කමිටුවක් පත්කර ගන්නා ලෙස එම කාරක සභාව උපදෙස් ලබා දී ඇත.…

  • ජල බිල්පතේ වෙනසක්

    ලබන මස පළමුවනදා සිට මුද්‍රිත ජලබිල්පත ලබාදීම වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා පැවසුවේ, තෝරාගත් නියාමන ප්‍රදේශ 04ක පළමුවෙන් එම නව ක්‍රමය ආරම්භ කිරීමට නියමිත බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපි 2023 ඔක්තෝබර් 1 ඉඳලා පාරිභෝගිකයාට…

  • කළුබෝවිල දී අවසන් ගමන් ගිය අලුත උපන් නිවුන් දරුවන්.

    කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධියක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වේ. එම දරුවන් ගේ මව්පියන් චෝදනා කරන්නේ, රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මීට හේතු වූ බවයි. කැස්බෑව, හොන්නන්තර සර්වෝදය මාවත ප්‍රදේශයේ පදිංචි අකිලා බොනිපස් දරු ප්‍රසූතියක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණේ, පසුගිය 08 වැනිදාය. ඇය ඊට පසුදින නිවුන්…

  • එක්ස්ප්‍රස් පර්ල් හානියට අදාළ අතුරු දීමනාව භාණ්ඩාගාරයට.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය…

  • නුවරඑළියේ උණුසුම් තත්වයක්.

    නුවරඑළිය පොලිස් වසමේ විජිතපුර ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබේ. සැමියා සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, බිරිඳ විසින් සැමියාට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ. මරණකරු වයස අවුරුදු 33ක විජිතපුර, මාගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු අධික ලෙස බීමත් ව නිවසේ සිට ඇති අතර,…

  • ගමන් මල්ලක අවසන් ගමන් ගිය, සුසන්තගේ අභිරහසේ කතාව.

    පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් සීදූව පොලිසියට දුරකතන පණිවුඩයක් ලැබෙන්නේ කිරිදිගොඩ , බෙල්ලාන වත්ත ප්‍රදේශයේ දඬුගම ඔයේ ගමන් මල්ලක මළ සිරුරක් පාවෙමින් ඇති බවය. මෙම පණිවුඩය මිරිහානේ පිහිටි 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් සීදූව පොලිසියට ලබාදෙන්නේ එම මළ සිරුර දුටු අයෙක් විසින් කළ දැනුම්දීමකට අනුවය. එහිදී මළ සිරුරක්ම එම බෑගයේ ඇතැයි 119 හදිසි ඇමතුම් අංශයට දුරකතන…

  • කිරිපිටි මිල ගැන ඔයා කවදත් අහපු නැති කතාවක්.

    ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය අවධාරණය කරයි.  කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව එහි සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය. “අද තියෙන කිරිපිටි කිලෝ එකක බදු මුදල රුපියල් 650 අයින් කළොත් රුපියල්…

  • වතු කම්කරුවන් සඳහා පර්චස් 10ක්.

    වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක්ව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

  • පාර වැරැද්දුවට ගූගල් සමාගමට නඩු.

    ගූගල් සිතියමේ මගපෙන්වීම අනුව ගමන් කරමින් සිටි තම සැමියා පාලමකින් ඇදවැටි මිය ගිය බවට චෝදනා කරමින් අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ කාන්තාවක් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. ඇය චෝදනා කර ඇත්තේ සිය සැමියා ගමන් කරමින් සිටි මාර්ගයේ තිබූ අවදානම් ස්ථානයක් සම්බන්ධයෙන් ගූගල් සිතියම යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් ඇයගේ සැමියාට ජීවිතය අහිමි වු බවටය. පිලිප් පැක්ස්සන්…