Author: Paththare ital


  • කුරුණෑගල ජනප්‍රිය පාසලක සිසුන් වෙනස්ව සැලකූ නිසා සාමාන්‍ය පෙළ A9 ක් ගත් සිසුවා කරගත් දේ.

    දෙමව්පියන් අවශ්‍යතාවයක් සඳහා නිවසෙන් බැහැරව ගිය අවස්ථාවක කෑම කාමරේ බාල්කයේ කොටුවක් මත දිවි හානි කරගෙන ඇත. දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මෙම දරුවා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන්  A9 ලබාගෙන තම යහළුවා සමග මලියදේව විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙන ගැනීම සඳහා මලියදේව විද්‍යාලයට ඇතුළත් ව ඇත. මෙම දෙදෙනා එකට ගියත් පන්ති දෙකකට…

  • අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි.

    ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ. හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි. සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල…

  • දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ චීවරධාරියා කොටුවෙයි.

    කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවිවන බවට ලැබුණු තොරතුරක් සම්බණ්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. නූතන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමෙහි නිරත වන…

  • රේගුවේ සේවකයෝ පැය 24 ම ඕටී අරන් තිබෙන බව හෙළි වෙයි.

    ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. රජයේ ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් කෝටි 214 කට වැඩි මුදලක්ද රේගු අතිකාල නැව්බඩු පරික්ෂා කිරීමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදලෙන් රුපියල් කෝටි එකසිය හයකට වැඩි…

  • 18 හැවිරිදි පෙම්වතා 22 හැවිරිදි පෙම්වතියව ඇද යට සගවා සිටියදී මාට්ටු වෙයි.

    මාසයකට ආසන්න කාලයක් තම විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහ අට හැවිරිදි සිසුවෙකු පිළිබඳව පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා. අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන් උදෑසනින්ම නිවසින් පිටව ගොස් යළි එන විට රෑ බෝ වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. එම නිසාවෙන් දිවා කාලයේ නිවසේ කිසිවෙකුත් නොසිටින අතර රාත්‍රී කාලයේදී එම සිසුවා…

  • බාටා සමාගමේ සම්පූර්ණ අයිතිය සොෆ්ට්ලොජික් සමාගම ලබා ගනියි.

    රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, ලොව කීර්තිමත් පාවහන් සන්නාමයක් වන ‘Bata‘ හි මෙරට නිෂ්පාදන බලපත්‍රය සහ අලෙවි නියෝජිතත්වය ලබා ගෙන තිබේ. ඒ අනුව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම වෙත. ශ්‍රී ලංකාව තුළ Bata නිෂ්පාදිත සඳහා නිෂ්පාදන හා බෙදාහැරීමේ බලපත්‍ර…

  • නොකියා රට ගිය හෙදියට දිගටම පඩි දෙයි.

    හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ . මෙම හෙද නිලධාරිනිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තියක් යටතේ හතරලියද්ද ග්‍රාමීය රෝහලට මාරුකර යවා ඇති…

  • විදුලිය විසන්ධි කිරීමට ආ ලංවිම සේවකයාට පහර දෙයි.

    විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරචෝලේ පොලීසිය පවසනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙක්. ඊයේ (18) දහවල් මෙම පහරදීම සිදුව ඇති අතර, පහර…

  • ඉන්දියාවෙන් ගේන්නේ කෘතිම බිත්තර ද ? ඇත්ත,නැත්ත හෙළි වෙයි.

    ඉන්දියාවෙන් ආනයනය කර මෙරට වෙළඳ පොළේ අලෙවි කිරීමට ඇති බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. දැනට ඉන්දියාවේ බිත්තර මිලියන සියයක් පමණ මෙරටට ගෙන්වා බෙදා හැර ඇති බවත් එම කිසිදු බිත්තරයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවද සංස්ථාවේ සභාපති අාසිරි වනිගසුන්දර මහතා පවසයි.…

  • පාසල් පෙම්වතාගේ උපන්දිනයට පෙම්වතිය ගෙදරින් සල්ලි උස්සා බියර් පාටියක් දෙයි.

    සිසුවියක් විසින් තමන් ආදරය කරන පෙම්වතාගේ උපන්දිනය සැමරීම සඳහා සාදයක් සංවිධානය කිරීමේ පුවතක් හලාවත අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පෙළේ පාසලකින් වාර්තා වනවා. මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ ද පාසල් සිසුවෙකු සමග බවයි වාර්තා වන්නේ. 10 වසරේ ඉගෙනුම ලබන මෙම පාසල් සිසුවිය සාදයට වියදම් කිරීම සඳහා තම දෙමාපියන්ගෙන් රුපියල් 20,000ක් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.…