Author: Paththare ital


  • ඊයේ පරාජය ගැන සැකයක් තියෙනවා – තිස්ස අත්තනායක.

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආසියානු කුසලාන අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන අදහස් දැක්වුවා. තමන්ටද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා දැඩි අවශ්‍යතාවයක් පැවති බවත් නමුත් සාමාන්‍ය ක්‍රිකට් තරගයක් නරඹනවා මෙන් ඒ පිළබඳ උද්යෝගයක් හා සතුටක් ඊයේ ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී දක්නට නොලැබුණු බවයි ඔහු…

  • මල් වට්ටියක් රුපියල් 84,000 ට වෙන්දේසි වෙයි.

    වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ  විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී  ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත  මල් වට්ටියක්  රුපියල් 84000 ක  ඉහළ මුදලකට ( 15 ) දින  අලෙවි වූ අතර එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලදී ගෙන  විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට කටයුතු කළහ. වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ…

  • අ#සැබි ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහැරියොත් දැඩි දඬුවම්

    නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවිය හැකිවන පරිදි නීති සකස් කිරීමට ඉදිරියේ කටයුතු කරනු ඇතැයි වාර්තා පළ වේ. මීට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබැනට් පත්‍රිකාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන්ය. ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පෞද්ගලික සහ…

  • මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියේ විමර්ශන CIDයට.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ පොලිස්පතිතුමාගේ නියෝග අනුව එම තීරණය ගෙන ඇති බවය. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබුණි. ඊයේ…

  • විදුලිය,ඛණිජ තෙල් සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්.

    විදුලිය,ඛණිජ තෙල් සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි

  • කෝටි 5000ක පාඩුව පියවා ගන්න ජනවාරියේ විදුලි බිල යළි ඉහළට.

    මෙම වසරේදී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා තිබෙන නිසා මෙම වසර අවසානයේ රුපියල් කෝටි පන්දහසකට (5000) අධික පාඩුව පියවා ගැනීමට නම් ලබන ජනවාරි මස යළි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති. විදුලි ගාස්තු සංශෝධනය වන්නේ වසරකට දෙවතාවකි. පෞද්ගලික හා අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය මිලදී ගෙන අඛණ්ඩව පැය විසිහතරේම විදුලිය…

  • ඇවිලුණු ආදරයට පෙට්‍රල් බෝ#ම්බයක්.

    යාපනය, චුන්නාකම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අදාළ නිවසේ සිටි පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසූවේ, අදාළ නිවසේ පදිංචිව සිටි මව,පියා, පිරිමි දරුවෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු අදාළ සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවය. අදාළ නිවසේ ගැහැනු දරුවෙකු…

  • ලංකාවේ උගත්තු පිටරට ෂෙඩ්වල වැඩ කරන බව හෙළි වෙයි.

    මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. තම තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී එම ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශීයන්හි එම ක්ෂේත්‍රයට අදාල රැකියාවන්හි නිරතව සිටින බව දැනගන්නට…

  • දරුවෝ 80%ක් පිටරටට වැඩිහිටි පරපුර භයානක ඉරණමක බව සමීක්ෂණයකින් හෙළි වෙයි.

    ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මේ සමග රටේ අනාගත වැඩිහිටි ප්‍රජාවට හුදෙකලාව ජීවත්වීමට සිදුවීමේ ප්‍රවණතාවක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයෝ පවසති. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය ප්‍රසාදිනි…

  • ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයෙක්ට හෙට තරගය අහිමිවෙයි.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය. පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී තීක්ෂණ ආබාධයකට ලක්විය.