ඇමරිකාව ඉරානයට බරපතල අනතුරු ඇඟවීමක් කරයි..

සිරියාවේ ඩමස්කස්  පිහිටි ඉරානයේ තානාදිපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට එල්ල කල ඉස්ශ්රාළ ප්‍රහාරය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා.මෙම ගුවන් ප්‍රහාරය පිළිබඳව නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මුලස්තානයේදීද සංවාදයකට ලක් වුනා.

පසුගිය සඳුදා දිනයේදී ඊල්ල වුනු මේ ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ හමුදා ජෙනරාල් වරුන් දෙදෙනෙක් සහ උපදේශකවරුන් 5 දෙනෙක් ද ජිවිතක්ෂයට පත් වී ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ජගත් සංවිදානයේ ඇමරිකා තානාධිපති රොබට් නුඩ් මහතා ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර සිටියේ මද පෙරදිග හමුදාවන් තමන්ගේ ප්‍රහාර වල ඉලක්කයක් බවට පත් කර නොගන්නා ලෙස.එසේම මේ ඉල්ලීම නොසලකා හරිමින් තව දුරටත් ක්‍රියා කළහොත් ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට ඉරානයට සිදුවන බවටද ඇමරිකාව දරුණු අනතුරු ඇඟවීමක් සිදු කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *