නැති වූ බෑගය සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 15ක්.

ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝවක් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20,000ක පමණ වටිනා දේපල අඩංගු බෑගයක් කිසිවෙකු විසින් පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ බස් රථයකින් සොරකම් කර තිබෙනවා.

එම බෑගය තුල ලැප්ටොප් පරිගණකයක්, කැමරාවක්, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයද තිබී ඇති බවයි පිටකොටුව පොලීසිය පවසන්නේ.

එම බෑගය සොයා දෙන්නෙකුට හෝ තොරතුරක් දෙන්නෙකුට ඇමරිකානු ඩොලර් 5000ක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15කට ආසන්න ත්‍යාග මුදලක් ලබා දෙන බවයි එම තරුණිය වන ස්කයිබ් නකෝමන් පවසා සිටින්නේ.

ඇල්ල බලා යාමට කොටුව දුම්රියපොල වෙත ගොස් දුම්රිය අවලංගු වීම හේතුවෙන් පිටකොටුව බස් නැවතුම්පොල වෙත පැමිණ බස් රථයට නැග මඳ වේලාවකදි දේපළ අඩංගු බෑගය සොරාගෙන ඇතැයි පොලිස් විමර්ශණවලදි අනාරණය වී තිබෙනවා.

ඇයගේ බෑගය සොරාගන්නා අයුරු බස් රථයේ සවිකර ඇති CCTV කැමරාවේද සටහන් වී තිබෙනවා.

“අන්ඩර් ද සේම් ස්කයි” නමින් යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයිබ් නකෝමන් නැමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් වන අතර ඇය පසුගිය 24 වෙනි දින මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය විමර්ශණ සිදුකරමින් පවතිනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *